අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ්
කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා අද (22) නියම කළේය.