එස්. බී ගේ ආරක්ෂක නිලධාරියකුට ඇප
ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.