( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය ලබන මාර්තු 24 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති පෙත්සම විභාගය විනිසුරු නිලමැදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙලෙස දින නියම කරන ලදී.
එම පෙත්සම ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවිණි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.
මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට බාර දෙනු ලැබීය.අභියාචනාධිකරණයේ භාෂා පරිවර්තකවරිය විසින් චෝදනා පත‍්‍රය කියැවිමෙන් පසු එම චෝදනා වලට වරදකරුද , නිවැරදිකරුද වෛද්‍ය පාදෙණිය මහතාගෙන් විමසන ලදී.එහිදී වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව පවසන ලදී.ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ විණි.
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.
ගොනු කරනු ලැබූ එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන ,එම ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් ජනවාරි 31 වැනිදා තීන්දුවක් ලබා දෙන ලදී. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉකුත් අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව පැවැත්වූ ABOLISH SAITM නැමැති සංකේත වැඩවර්ජනය පැවැත්වූ අතර එම වර්ජන ක‍්‍රියාමාර්ගයෙන් පසුව එදිනම සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අපහාසාත්මක හා නිර්දය ලෙසින් විවේචනයට ලක් කර ඇත.
එලෙස විචේනය කිරීම අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලූවට ලක් කිරීමක් බවත් ,එයාකාරයෙන් අධිකරණ තීන්දුවක් විවේචනයට ලක් කිරීම අධිකරණයට කරන අපහාසයක් වේ.
එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය යටතේ වගඋත්තරකරුට එරෙහිව අධිකරණ අපහාස කිරීමේ චෝදනා යටතේ විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන්නැයි පෙත්සම්කාර මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි තීන්දු වලට මාෆියා කල්ලියක් අවනත වෙනවා කියලා කවුරුන් හෝ අසා තිබෙනවාද? හොර සයිටම් කඩේ ආරම්භ කල කාලේ නැට්ට බඩ යට ගහගෙන සිටි සිංහ වෙස් පොරවා ගෙන සිටින නරි, පස්සේ නැට්ට උස්සගෙන කුලප්පුවෙලා දැඟලුවේ මොකටද කියලා දැන් තේරෙනවානේ. හොර සයිටම් කඩේ පටන් ගත්තු අයව රජගෙදරට යවලා එහි ඉගෙනගත්තු ළමයි ටික අල්ලලා සිර ගත කරානම් තමයි. කැකිල්ලේ තීන්දුව ප්‍රතිනිර්මාණය වෙන්නේ. මෙහෙම ගියොත්, හෙට අනිද්දා වෙද්දී, එසේ වන්නටද බැරිකමක් නැත.
මේ නඩුව දැමීම තනිකරම වැරදි වැඩක් එතුමා රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන වෛද්‍යවරයෙක් අනික එතුමා මේ ආණ්ඩුව පත්කරගන්න විශාල වැඩ කොටසක් කළා.
අහක යන නඩුවක්.................
ඔය නඩුවට මාර්තුවලදී වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්.
ඉක්මනට නඩුව ඇහුවොත් හොඳයි
නඩු දාලා කොහොමද. අනාගත සෞඛ්‍ය ලේකම් නේ දෙයියනේ... අවුරුදු ගානක් පාරේ සයිටම් වන්නම නැටුවේ ඔව්වට තමයි ...
මේවාගේ නඩු ඉතින් කොහොමත් කල් යනවා තමයි. ඒකට තමයි පක්ෂ විපක්ෂ හැමෝම දගල දගලා දේශපාලනය කරන්නේ.