නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය හෙට( 27) උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
ඉකුත් සිකුරාදා ( 22) නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
එම අමාත්‍ය මණ්ඩලය 15 දෙනකුගෙන් සමන්විතවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ තැටි නැවතත් වාදනය කරනු ලැබේ... පරණ අයට රජකම ලැබෙමින් පවතී. තව බදු ගෙවනු පිණිස දිවා රෑ නොබලා වෙහෙසෙමු. උදා කරගත් වෙනස සමරමු.
ඇමති වරුන් පත් කිරීමේදී " උඩරටට " පුංචි අම්මාගේ සැලකිල්ලක් දැක්වූවාය කියන චෝදනාව ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුර 4 ක්ම කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ සහ දිළුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් සිව් දෙනාට ලබා දෙනවාලු. ඡන්ද කාලේ "නඩු හබ තියෙන කිසි කෙනෙකුට තනතුරු දෙන්නේ නැහැ" කියලා පුන පුනා කිව්වේ විහිලුවට වෙන්න ඇති නේද මෙයා ?
අමාරුවෙන් දුවන රටක භාරකාර ආණ්ඩුවකට දෙන ඇමතිදුර ප්‍රමාණය දැක්කම සංවර්ධිත රටක් නම් කොහොම තියේවිද? හිටපු සහ ඉන්න ඔක්කම එකයි. කුඩා රටකට ඔරුත්තු නොදෙන විදිහට අපේ ලේ උරා බොනවා. දුෂණය පිරිච්ච රටක් වෙලත් ඉන්දියාව කොච්චර හොදද?
දෙවියන්ගේම පිහිටයි. ඔන්න ඉතින් ඕකෙන් පස්සේ රටේ සියලු ප්‍රශ්න විසඳාවි. මොකද අලුත්ම විද්‍යාත්මක ක්‍රමයකටනේ ඕවා දෙන්නේ. දැන් එතකොට ඇමතිවරු සේරම කීයද.
ඔන්න බලාගන්න සුසුස්සාට සුදුසු තැන දීලා වියත්මගේ විදිහට උගත් බුද්ධිමත් රාජ්‍ය ඇමතිවරුන්ව පත් කරලා ශ්‍රී ලාංකිකයන් කිසිදා නොදුටු ඇති විශිෂ්ට දියුණු තත්වෙකට යන මාර්ගෙට රට යොමු කරන හැටි. ටිකක් රෑ වෙයි හැබයි ඔය දියුණුව පේනකොට !!!!
ගොවිජන මන්ධිරය යලි කෘෂිකර්ම අමාත්‍යශයට දෙන්න.
මිනිස්සු මුලාකරලා ඡන්දෙ දිනා ගත්තා. දැන් පාසල් ළමුන්ගේ රෙදි වලටත් වැඩේ දුන්නා. දැන් තව ඇමතිවරු පත්කරනවා. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිවරු කියාවි. ලැජ්ජයි. ලැජ්ජයි.
අමාරුවෙන් දුවන රටක භාරකාර ආණ්ඩුවකට දෙන ඇමතිදුර ප්‍රමාණය දැක්කම සංවර්ධිත රටක් නම් කොහොම තියේවිද? හිටපු සහ ඉන්න ඔක්කොම එකයි. කුඩා රටකට ඔරොත්තු නොදෙන විදිහට අපේ ලේ උරා බොනවා. දුෂණය පිරිච්ච රටක් වෙලත් ඉන්දියාව කොච්චර හොදද?