(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වා මහතා කිසිදු අනුමැතියකින් තොරව බිරිද හා දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පලා යාම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (25) පැවසීය.
මෙම නිලධාරියාට විරුද්ධව කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොමැති අවස්ථාවක ඔහු මෙලෙස විදේශ ගත වී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පොලිස් නිලධාරියකු රාජකාරි හෝ පෞද්ගලික කරුණක් අනුව විදේශගත වන්නේනම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරුණක් වුවද මොහු විදේශ ගතවී ඇත්තේ එවැනි අනුමැතියකින් තොරව බවද ගුණසේකර මහතා කියා සිටියේය.
පසුගිය වසර හතරක පමණ කාලයක සිට මෙම නිලධාරීයා කළ විමර්ශනයන් පක්ෂග්‍රාහීව සිදුකර ඇති බවට එම පාර්ශවයන්ගෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල ව තිබු බවත් එම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට නොයෙක් පාර්ශවයන් ඉල්ලා සිටින වාතාවරණයක් තුළ මෙම නිලධාරියා මෙලෙස විදේශ ගත වී ඇති බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නඩුව, සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකමතුංග ඝාතන නඩුව, මාධ්‍යවේදී කීර්ති නොයාර් මහතාගේ නඩුව, වසීම් තාජුඩීන්ගේ නඩුව, යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව, තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව, කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතන නඩුව, ඩී ඒ රාජපක්ෂ ස්මාරක නඩුව, , ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු අතරින් කිහිපයකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් බාරව සිටි ස්ථානාධිපතිවරයකු මෙලෙස කිසිදු අවසරයකින් තොරව කටුනායක ගුවන්තොටුපොලින් විදේශගත වීම බරපතල ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන්වහාම පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසට එහි අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළ බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා නිලධාරියා අනවසරයෙන් විදේශ ගතවීම විනය විරෝධී ක්‍රියාවක් බවත් එම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම සොයා බලන්න ඕනෑ ස්විට්සර්ලන්තයට වීසා ලබා ගත්තේ කොහොමද කියලා... සාමාන්‍යයෙන් වීසා දෙන්න ගොඩක් දේවල් හොයලා බලන ඒ ගොල්ලන් කිසිම අනුමැතියක් නොමැතිව මෙම නිලධාරියට වීසා දුන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. එල්ටීටීඊ එකට කඩේ යන රටක් තමයි ඔය ලන්තය...
මේ බිහිසුණු සමයක ආරම්භයද? නිශාන්ත සිල්වා යනු අවංක, දක්ෂ පොලිස් නිලධාරියෙකි... හොරු ඇල්ලීම මෙතනින් අවසන්. මෛත්‍රී - රනිල් මෙයට ඍජුවම වග කිව යුතුයි. මේ අහිංසක නිලධාරීන් වෙනුවෙන් විපක්ෂය හඬ නැගිය යුතුයි.
ප්‍රකාශක මහත්තයෝ කට පරිස්සම් කරගන්න. අපිට නම් සුදු වෑන් හරි තියෙනවා යන්න. ඔබතුමාට පයින්ම තමයි යන්න වෙන්නේ...
Sujith මොනවද මේ කියන්නේ...? සුපිරිම ආරක්ෂක ලේකම්ගේ බුද්ධි අංශය මගහැර යෑමට සමත් වුණු එක ගැන ආණ්ඩුව මොනවද කියන්නේ?
රනිල්ගේ ඩීල් දේශපාලනය නිසා හිරගෙදර ඉන්න ඕන අය රජ ගෙදර, අවංක නිලධාරීන්ට ජිවිතේ බේරගන්න රටින් පනින්න වෙලා.
ඔන්න ඔය නඩු ටික එකින් එක විසි කරලා අර බඩගින්නට පාන් ගෙඩියක් උස්සපු කොල්ලා දාන්න කූඩුවට.
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ වැඩ ගැන විමර්ශන කලේ නැත්තේ මොකද ?