(මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)
දිගින් දිගටම පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව මාධ්‍යයට හෙළිදරව් කළේය.
“අලුත් පක්ෂයක් හැදෙන බවට කටකතා පැතිරෙනවා, ඒ ගැන කීමට ඇත්තේ කුමක්දැයි” පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ අලුත් පක්ෂයක් හැදීමක් අවශ්‍යතාවක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවී තමා ඉවත්වීමට සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන බවයි.
විපක්ෂ නායකයා කවුරුන්ද යන්න සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට තීරණය කෙරෙන බවද පක්ෂය ආරක්ෂා වන පරිදි ඉතා ඉක්මණින් එම තීරණය ගැනීමට නියමිත බවද මහලේකම්වරයා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වුවද ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය.
විපක්ෂ නායකයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන්න‘යි තමන් කතා නායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ වගකීම නිසා බවද කාරියවසම් මහතා පැවසීය.
“මම එහෙම කළේ ඒ තනතුර දිගු කාලයක් හිස්ව තියන්න බැරි නිසයි. ඒත් පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් එකතුවෙලා මේ ප්රශ්නය විසඳන්න පුළුවන්“ යයිද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම ඉන්න අදහසක් නෑ..........මැරුනම දාලා යනවා........
ඒ "දිගටම" කොච්චර දිගද?
විපක්ෂා නායකකමට සදාලෝක පූජිත සජිත් මෙන්ම රවී කරුණානායක, නවීන් දිසානායක, කරූ ජයසුරිය යන අය අතරින් කෙනෙකු ඡන්දයකින් පත් කරගන්නෙ නම් වඩා සුබදායක විය හැකිය.
රනිල් මහතා 2025 මහ මැතිවරණය අවසාන වෙනකම් නායකත්වයේ සිටිය යුතුයි.
ඕක දැන් අහලා එපා වෙලා...
විකුණන්න රාජ්‍ය දේපළ තියෙනකම් නායකකමේ හිඳීවි...
අනේ එහෙම කරන්න එපා අප්පෝ........අපි කොහොම කියලා හිත හදාගන්නද?
අපිට ඕනේ ගරු රනිල් මැතිතුමා. 2030 වනතුරු ඔබතුමා ඉන්න ඕනේ.
මෙලෝ වැඩක් නැති, නායකත්වය ගෑවිලාවත් නැති මනුස්සයෙක්. මැරෙනකම්ම ඕකේ එල්ලිලා ඉදිවී. රටේ ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ. නමුත් මොහු නිකන් උඩ බලන් ඉන්න එක තමා මෙච්චර කාලෙකට කරේ. රාජ්‍ය බලය සැරින් සැරේ ලැබුනේ ඔහුගේ දක්ෂකමට නෙමේ. ශ්‍රිලනිපයේ ලේකම්ලා එහෙන් මෙහෙට 2001 සහ 2015 ආපු නිසායි.
ඔයා කොහොමද කියන්නේ කතානායකයාට දැනුම් දීම ඔයාගේ වගකීම කියලා? පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් එක්ක සාකච්ඡා කරලා ගතයුතු කාර්යයක්... දිවංගත ගාමිණී අතුකොරාළ හැර 1994 ඉඳන් රනිල් නායකත්වයට පත්වූදා සිට මෙයා දක්වා කටයුතු කළ පක්ෂයේ මහ ලේකම්ලා කලේ රනිල්ව ආරක්ෂා කළා මිස, පක්ෂය දිනන වැඩපිළිවෙළවල් මොකුත්ම නැහැ.
මේ ගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනෙන් ඉවත් වුනාම ඔක්කොම සැලුට් ගැහිලි පිටරට සවාරි නැතිව නිකම්ම නිකම් අවලංගු කාසි වෙන එකයි. මොකද ඉන්න කාලේ කරපු දෙයක් තියෙනවා දැකලා සන්තෝස වෙන්න.
අනේ සාදු. දැන් තියෙන්නේ පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්නයි. ඔබතුමානම් ඉතින් යහපාලනය කිය කියා කරපු දේවල් තමයි දැන් පස්සෙන් එළවාගෙන එනවා වගේ පෙනෙන්නේ. යහපාලනය පටන් ගත්ත මාස දෙක තුනේ පොරොන්දු උන ආකාරයට වැරදි කරපු අයට නිසි දඬුවම් දුන්නානම් මේවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැනේ නේද ?
එජාපය දැන් මළගම යවලා ඉවරයි. තව ඉන්න ඉන්න අවසාන හුස්ම ටිකත් යනවා. අනේ අපොයි. අද හෙටම ගෙදර යන්න. සජිත් පක්ෂය ගත්තම රෝද බැදගෙන නව ජවයක් එක්ක හොද ගමනක් යන්න පුළුවන්.
මොන බොරුද? මැරෙනකල්ම පක්ෂ නායක, විපක්ෂ නායක තමයි.
වර්තමාන රජයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා ඉදිරියේදී රට තුල බොහෝ වියාකුල තත්වයන් ඇතිවීමට තිබෙන ඉඩකඩ අති මහත්ය. පසුගිය රජය මගින් ක්‍රියාත්මක කල බොහෝ සාධනීය ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවන් සියල්ල විනාශකොට ඔහුගේම " වන් මැන් ෂෝ " ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වේ. සුළු ජාතින් සමග ඇතිවෙමින් තිබේ සංහිදියාව අද නොමැත. කිසිවකු ඒගැන අද කතා කරන්නේද නැත. සියලු ස්වාධීන කොමිසන් අහෝසිවී යනු ඇත. ලංකාවේ ඉදිරිය ඉතාම තීරණාත්මක මොහොතකට පැමිණෙමින් තිබේ. විශේෂයෙන් ම ජනාධිපතිවරයාගේ මෑතදී කියන ලද සහ කරන ලද ක්‍රියාවන් විසින් විදේශීය රටවල් ලංකාවට දක්වා තිබු මිත්‍රත්වය යලිත් පලුදුවෙමින් තිබේ. මේ සියල්ල සලකා බැලීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ රටේ ප්‍රධාන තනතුරක අනිවාර්යයෙන්ම රැදී සිටිය යුතුමය. ඔහු ඉවත් උවහොත් එම හිඩැස කිසිදා පිරවීමට නොහැකිවනු ඇත. එය දැන් නොතේරුනාට ප්‍රස්නයක් පැමිණිවිට මුළු රටටම එය දැනෙනු ඇත.
ඇත්ත. අනුන්ගේ පව් කරගහන්නේ මොකටද? ජනපති තරගයෙන් පරදින්න හේතු කාරණා මාධ්‍ය තුලින් (ලෞකිය හා ජාත්‍යන්තර ) මනාවට දැකිය හැකිය. දේශපාලන පරිණතයින්ගේ උගුල්වලට අසු උනාම වෙනදේ මනාවට ඔප්පු උනා.
නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් එලවා දැමීමට කටයුතු කරන කිසිවකු පක්ෂයේ ඇතිවූ අර්බුධ අවස්ථාවන්වලදී කිසියම් වූ විසඳුමක් සදහා මැදිහත් වුයේද? සිටින නායකයා එලවා වෙනත් නායකයන් පත් කරගත්තද ප්රශ්නය එතැනමය. නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටියදී පක්ෂය දින්නේ 2015 ය. එදා කවුරුත් නායකයාගේ වෙනස ඉල්ලුවේ නැත. පරාජයට මුලික හේතුව එක්සත් ජාතික පක්ෂයේ සිටින අවස්ථාවාදී බලය පමණක් ගැන සිතන තරුණ යනුවෙන් හඳුන්වාගත් කණ්ඩායමකි. ඔවුන්ගෙන් කිසිවකු වර්තමාන ජනාධිපතිවරයාගේ ස්වාධින කොමිසම් අහෝසි කරන බවට කියා ඇති ප්‍රකාශයට පිළිතුරු දෙන්නේද ? කිහිපදෙනෙකු නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වීමට දිය නොහැක.