(ඉන්දිකා රාමනායක සහ ටී කේ ජී කපිල )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) පස්වරුවේ බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
දහවල් 12.50 ට ඩබ්ලිව් කේ 0065 නැමැති යානයෙන් ඒ මහතා ඇතුලු පවුලේ පිරිස දිවයිනෙන් පිටව ගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කර ඇති අතර , තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, සේයා සදෙව්මි ඝාතන නඩුව, ඩී ඒ රාජපක්ෂ සොහොන් කොත් සම්බන්ධ නඩුව, යාපනයේ විද්‍යා දැරිය ඝාතන නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය , ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු අතරින් කිහිපයකි.
2018 නොවැම්බර් 18 මස නිශාන්ත මහතාට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබා දී තිබු අතර පොලිස් කොමිසමේ මැදිහත් වීමෙන් එම ස්ථාන මාරුවීම අවලංගු කර තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ පොලීසියේ අවසරයකින් තොරව නිශාන්ත ද සිල්වා මහතා රටින් පිටව ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට යන්න වෙයිද? නැද්ද? කියලා බලාගෙන තව ගොඩක් කට්ටිය ඉන්නවා.
මගේ රටට බුදු සරණයි... ඔබේ වාසනාව රටින් පැනගත් එක...
රටේ පුරවැසියන් හරි අඩකට (හරියටම කිව්වොත් කොන්ද කලින් තියාගෙන රාජකාරිය කරපු සියලු දෙනාට) මරණ බිය ගෙනඑන, අති-බිහිසුණු අනාගතයක ඇරඹුම මෙසේ සනිටුහන් වන වගයි.
කටුනායක ආගමන, විගමන නිලධාරියන් නිදාගෙන හිටියද මේ අය රටින් පනිනවිට... ස්විට්සර්ලන්තයේ ඇති මේ අයට බැංකු ගිණුමක්, මහා බැංකු හොරකමේ අරමුදලින් දුන්නා.. කොටස් දමාපු.
අත්අඩංගුවට ගන්න හමුදාවෙන් එනකොට කවුද අප්පා අවසර ගන්න හිතන්නේ?
මෙවැනි දෑ තවත් ඉදිරියට දැකගත හැකිවනු ඇත. මොවුන් පක්ෂග්රාහී ලෙස කටයුතු කළ බවට අසා තිබේද? මෙයයි පැතූ වෙනස හරක් බහුල සමාජයට මේවා වැදගත් කරුණු නොවේ.
ඒ වැටුප භාණ්ඩාගාරයට ඉතිරියක්...
කට්ටියක් යනවා කට්ටියක් එනවා. කට්ටියක් ඇතුළට යනවා. කට්ටියක් එළියට එනවා. ආණ්ඩු පෙරළියේ යතාර්ථය එයයි. වහල්ලු ඒ කෝලම පාට කණ්නාඩි පැළඳගෙන හුරේ දමාගෙන බලනවා. අපි දෙගොල්ලන්වම බලබලා හූල්ලනවා.
තමන් රාජකාරිය හරියට කළා නම් බය වෙන්නේ මොකටද? අාණ්ඩුවලට කඩේගියාම කාටකාටත් ඔය වගේ පැනලා දුවන්න වෙනවා. ගිය එක වෙන එකක්... ගිය රටට වීසා ගන්න වීසා දුන්නේ කඩෙන් ටොෆි ගන්නවා වගේ අපිට එහෙම ලැබෙයිද ..? රහස මොකක්ද?
මේ රටේ බිහිවුණු අතිදක්ෂ නිලධාරියෙක්. ඔහුට ආගම්, ජාති, දේශපාලන පක්ෂ ආදී කිසිවකට නොනැමුණු ඉතාම අවංකව රජකාරි කළ ස්වාධින නිලධාරියෙක්. නව රජයෙන් ශානි අබේසේකර මහතාට කල " පහත් " සැලකිල්ල නිසා, ඔහු තේරුම් ගත්තා ඊළඟ ගොදුර ඔහුබව. එ් නිසා තම ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව ගියා. මේ රටේ සිටින ගෝත්රිකවාදී දේශපාලුවන් නිසා මේ රටට අහිමිවුණ තවත් දක්ෂයෙක් ලෙස එතුමාගේ නමත් ලියැවෙනවා. මේ පටන්ගත්තා විතරයි. තවම සුමානයයි..
බලාගෙනයි තවත් අය පනින්න බලාගෙන ඇති!
රටෙන් හොරා පැන්නා නම් එ්කෙන් තීරණය වෙන්නේ එයා වැරදි වැඩ කළබවයි. නීතියට අනුව වැඩ කළා නම් බියවෙන්න දෙයක් නැත.
හොඳ ආරම්භයක්. එහෙ රස්සාවක් කරලා මෙහෙ ඉන්න කට්ටියට සල්ලි එහෙමත් එවයි නේ? එල් ටි ටි සංවිධානය කල දේවල් වලින් පාඩම් උගත යුතුයි. ලංකාවේ මරණ තර්ජන කියල ඒ කාලේ රොත්ත පිටින් යුරෝපා රටවලට ගියා. අපේ රටට තිබුණු විරෝධය නිසා ඒ රටවල් ඒ ආපු පිරිසට දේශපාලන රැකවරණ දුන්න. එකෙන් ප්‍රයෝජන ගත්තු කොටි ඒ විදේශවලට ගිය පිරිසගේ වැටුපෙන් මුදල් එකතු කරලා තමන්ගේ අරමුදල් තරකර ගත්තා. මේ ක්‍රමයටම අපේ රටේ දේශපාලන ජයග්‍රණයන් නිසා, අපේ රට දිහා පුපුරා පුපුරා බල ඉන්න යුරෝපා රටවල කෝපයෙන් ප්‍රයෝජන අරන්, දැන් පුළුවන් තරම් කට්ටිය යවල දෙන රැකවරනෙකුත් අරගෙන රස්සාවල් කරන්න කියලා ඒ අදායමින් කොටසක් අපේ ණයබර ගෙවන්න එවන්න කියන්න.
කරුණාකර නැවත රටට ගෙන්වන්න. මහේන්ද්‍රන් වත් ගෙන්නන්න ඕනි
ශානි අබේසේකරට හෝ නිශාන්තට චෝදනා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැහැනේ තවම? ඒ අය තවම නීතිය ඉදිරියේ වැරදිකරුවන් නෙමෙයි නේද? නමුත් ඒ අයට අභ්‍යන්තර සිදුවීම් ගැන අවබෝධයක් තියෙන නිසා ජීවිතය රැකගන්න යන්න ඇති... මේ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් දේශපාලන රාමුවක් පහුගිය අවුරුදු 30-40 ටම තිබුණාද? අපිට තවම නිශාන්තට දඬුවම් ඉල්ලන්න පදනමක් තියෙනවද? ඇයි මෙහෙම කලබල වෙලා ඔහුව අල්ලන්න කියන්නේ? හොරකම් කරපු දියවන්නා ගෙම්බන් රොත්තක්ම ඉන්නවා. ආයෙමත් ඡන්දෙ ඉල්ලන්න බලාගෙන... ඒ ගැන කතා කරන එක මීට වඩා වැදගත් නෙමෙයිද?
මට එයා ගැහුවා. මම එයාට ගැහුවා...
ඔහු පැනලා ගියේ ඔහු දන්නවා අතීතයේ ඔහොම දක්ෂ අයට සහ ඔවුන්ගේ දරු මල්ලන්ට වෙච්ච දේ... ඔය වහල් බවෙන් මිදිලා තමුන්ට මෙහෙම දෙයක් වුනොත් කොහොමද හිතන්නේ? සේරටම කලින් ඔවුන්ට තම දරුපවුලේ ආරක්ෂාව ඕනේ. ඔහු සෘජුවම පරීක්ෂණ කලේ දේශපාලන අපරාධ.. ඒවාට වගකිව යුත්ත නඩුකාරයා කළාම රටේ ජනතාවගෙන් බහුතරයක් ඔවුන්ට දෙයියන්ගේම පිහිටයි. මේවට වග කියන්න ඕනේ රනිල් සහ මෛත්‍රී...
වියත් මග සහ එළිය දුන් උපදෙස්ද මේ? රටක් හදන්නේ මෙහෙම නම් සොරි ඩොට් කොම්.., එකම නීතියක්...