(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට අයත් ආයතන සහ විෂය  පථයන් ඇතුළත් ගැසට් නිවේදනය හෙට (25) දිනයේ නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (24) දිවුරුම් දුන් අතර එය අගමැතිවරයා ඇතුළු සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යටතට පත්කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනයද හෙට (25) දිනයේ ගැසට් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.