(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණය ජය ගැනීම සඳහා රුවන් විජයවර්ධන කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවසීය.
මෙයට අමතරව පක්ෂයේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් සුදුස්සන්ට සුදුසු තැන ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පසුබෑම සහ පක්ෂය ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් මෙසේ ද කීය.
‘‘පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපි විශාල පරාජයක් ලැබුවා. ඒ වෙලාවේ මේ පරාජය පිළිබඳ සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන කමිටුව පත්කළා. එම කමිටුව නිර්දේශ ඉදිරිපත් කලත් මෙතෙක් ඒවා ක්‍රියාත්මක කර නැහැ. පසුගිය ජනාධිපතිවරණයේ දී අප ලැබූ පරාජයට එයත් හේතු වූවා. මේ නිසා වහාම රුවන් විජයවර්ධන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට මම යෝජනා කරනවා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්රජාතන්ත්රවාදි පක්ෂයක්. පක්ෂය ඇතුලේ ප්රජාතන්ත්රවාදය තිබිය යුතුයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වගේම ඉදිරි මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි.
මම වෘත්තියවේදියෙක් විදියට දේශපාලනයට අවතීර්ණ වුණා. වෘත්තීයවේදියකු ලෙස කටයුතු කරන ගමන් මම අවුරුදු 10ක් රට වෙනුවෙන් දේශපාලනය කළා. ඒත් වෘත්තීයවේදීන් විදියට අපිට ඉදිරියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපිට කුඩම්මාගේ සැළකිලි ලැබුණේ. වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. වෙන වෙන අයට තමයි ඒ අවස්ථාව ලැබුණේ.
ඒත් අපට පුලූවන් විදියට අපි සේවය කළා. සුව සැරිය ගිලන් රථ සේවය හඳුන්වා දුන්නා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරිම වෙනුවෙන් විශාල වැඩසටහනක් සිදුකළා.
ජනාධිපතිවරණයේ සහ පසුගිය මැතිවරණවල පසුබෑම තේරුම්ගෙන ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ඉලක්ක ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අපේ වැරදි අපි නිවැරදි කර ගත යුතුයි’’ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ පෝස්ටර් බෙදාහැරීම වෘත්තීය වේදියෙකුට සුදුසුද මන්දා...?
පුලුවන්ද ටික කාලයකට කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න. කරුණාකරලා අතීතය ආවර්ජනය කරන්න.
දවල් හීන.
ඔය වැඩේට මහකමිටු වාර්තාව ඕනේ නැහැ. දැනට ඉන්න කුරුඳුවත්තේ කොලොනියල් තාලේ ලොක්කව අයින් කරලා, රටේ සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන මිනිහෙක්ව පක්ෂයේ නායකයා කළා නම් හරි. හැබැයි දැන් තියෙන තත්වේ හැටියට එජාපෙට තව අවුරුදු 25කටවත් ඔලුව උස්සන්ට බැරිවෙයි.
UNP එක ගොඩගන්න ඔය මොනවා කළත් වැඩක් නෑ.. ඔය UNP එකේ පාර්ලිමේන්තු කණ්ඩායම පුනරුත්ථාපනය කරන්නේ නැතුව. රට, ජාතිය, ආගම සහ ජනතාවේ අදහස් තේරුම් ගන්න තැනට ඔය සෙට් එක හදල ඡන්දෙකට දැම්මා නම් හරි. එතකන් පාඩුවේ අපට ඉන්න දුන්නා නම් ඇති..
කැලෑ පත්තර ගහලා ගෙවල් ගානේ බෙදන්න ආයෙත් අදහසක් නැතිද?
ඡන්දයක් දිනන්න හෝ පරදින්න නානා ප්‍රකාර හේතු තියෙනවා. එක එක්කෙනා ඒ එකඑක හේතුව හින්දා තමන්ගේ ඡන්දෙ දෙන එක හෝ නොදීම තීරණය කරනවා. කෙනෙක් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළා යු.අන්.පී, යට ඡන්දෙ දෙයි. තව කෙනෙක් ප්රජාතන්ත්රවාදය කෑවා කියලා විරුද්ධව ඡන්දය දෙයි. වේදිකාවට නැගලා උඩ පැනලා බෙරිහන් දෙනකොට අපි අප්පුඩි ගහන්නේ ඒ කියන මෙලෝ දෙයක් තේරිලා නෙමෙයි.. උඩ පනින හැටි බලලයි. ඒ හින්දා කමිටු වාර්තා පැත්තකට දාලා මහජනයාගේ පැත්තෙන් හිතලා බලන්න කොහොමද ඉස්සරහට යන්නේ කියලා...
තිරිවානා ගල් යටගොස් ගොමරිටි උඩට ඇවිත්... අපි නහය වහගෙන ඉමු...
නව අදහස්, නව තාක්ෂණය, පෙරටු කරගත් අලුත් කණ්ඩායමක් අලුත් නායකයෙක් අවශ්‍යය. ඔබද ඇතුළුව සජිත්ගේ කල්ලියම වැඩකට නැති තම ආසනවල ජනතාව දැඩිව ප්‍රතිෂේප කරන පිරිසකි. රනිල් විශ්‍රාම යා යුතුයි. ඊට පෙර අලුත් කණ්ඩායමකට එන්න මග සැදිය යුතුයි.
මැතිවරණය ජයගන්න නෙවෙයි, ඔබත් සමඟ රටවැසියා ජයග්‍රහණය කරා යොමුකරවන්න වැඩ කරන්න බැරිද?
ඔලුව ඉදිමුණා වැඩියි. එක එක හීන දැක්කා? බහු බූත කතාකළා. කොට්ඨාසයේ මිනිස්සුන්ට උදව් කළේ නැහැ. දැන් මෝඩ කතා කියනවා. ආසනෙත් පරාදයි නේද?
මහ මැතිවරණය දිනන්නේ හීනෙන්. ලොක්කා නම් හදන්නේ හාමුදුරුවරු එක්ක මේ පාර රඟපෑමක් කරන්න. අපි නම් රැවටෙන්නේ නැහැ.
රනිල් ඉන්නකම් පක්ෂයේ අපි ඡන්දෙ දෙන්නේ නෑ.
සමගිය බලය වේ.
UNP කියන මහා වෘක්ෂය අතු කපා මුල් විනාශකොට බොන්සායි කලාවට ලක් කලේ රනිල් නමැති දොස්තර මහතා විසිනි. බොන්සායි වෘක්ෂය සාමාන්‍ය ගහක් කරන්න දැන් බැහැ. හොඳම බෙහෙත අලුත් පැලයක් මගින් නව මහා වෘක්ෂයක් පිළිබඳ සිහිනයක් නේද?.
අනේ කරුණාකරලා ඔයාගේ වෘත්තීය, ගෞරවය පරිස්සම් කරගන්න ඉගෙන ගන්න පළවෙනියටම .. කිසිම උගත්කමක්, හැදියාවක් නැතුව බලයට, ධනයට තණ්හාවේ පිස්සු නටන දේශපාලකයන්ගේ ගොඩට වැටෙන්නේ නැතුව.. උගත්කමට ගැලපෙන කතා කියන්න.. උගත්කමට ගැලපෙන වැඩ කරන්න. දැන්වත් ඉගෙන ගන්න. තමන්ගේ වැරදි තේරුම් අරගෙන හැදෙන්න බොරු කොමිසමක් කරන්න ඕනෑ නැහැ..
රනිල්ව නායකත්වයෙන් වෙනස් කරලා තරුණ නායකත්වයක් සමග ඉදිරියට යාමයි. විජයවර්ධන වාර්තා සය බැලුවේ නැත්තේ මොකද දැන් වෙනකම්...? දැන් බස් එක ගිහිල්ලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය හැමදාම මෙහෙමයි. රවීලා වගේ හොරුන් මේකේ ඉන්නකන්, රනිල්ලා වගේ නායකයන් මේක ගෙනියනකන් පක්ෂයට සම්බන්ද වෙන මහජනයා පසු බෑමකට ලක්වෙන එක විතරයි වෙන්නේ... ඒකනිසා සජිත් සමග හොඳ වැඩ පිළිවෙලක් අරම්භකර ඉදිරියට යන්න. රනිල් සමග යන ගමනට අපි තිත තියමු. මේ අය බලයේ ඉන්න කෑදරකමට පක්ෂයේ ඉන්න අයත් පාවාදෙනවා.