( බිගුන් මේනක ගමගේ )
සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නම නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධව අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්ශවය මගින් තහවුරු කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළලා මල්ලෙන් එළියට ඕකගන්න තමයි ලෙඩ්ඩු ඇපේට තියලා උඩුබිරුවේ අවුරුදු 5ක් තිස්සේ...
මෙතුමා පත් වුණාම, වර්ජන නැතිව, බෙහෙත් හිඟතාවයකින් තොර සෞඛ්‍ය සේවාවක්.. මහජනතාවට ලැබෙන බව නම් විශ්වාසයි... ජයවේවා!!!
අනේ වාසනාවන්... දොස්තරලාගේ ගැටළු ගැන දන්න කෙනෙක් හැටියට හා ඒ ගැන සටන් කළ කෙනෙක් හැටියට ඉල්ලන සියලු දේ දොස්තරලාට දීලා වර්ජන සිද්ධ නොවෙන තැනට වැඩ සලස්වන්න මෙතුමාට හැකි වේවි..!!!
කරපු උදව්වලට ප්‍රතිඋපකාර නොකර කොහොමද?
දැන් කොහොමද කට්ටිය වර්ජනය කරන්නේ? බලමු ඒ අයගේ සියලු ප්‍රශ්න මේ තනතුරත් එක්ක විසඳෙන හැටි...
මොනවා වුණත් මෙයාට ප්‍රශ්න වගයක් තිබ්බා නේද? ඒවා ගැන බලලා හිටියොත් නරකද?
අනේ මෙහෙමත් මිනිස්සු...
ගොනා හැරුනේ පොල්පැලේට විත්තිය අපි නොදන්නවැයි. උද්ඝෝෂණ කරකර රැස්වීම්වලට ගියේ අත ලෙව කන්නද?
කුහක ප්‍රතිවාදී චින්තනය නම්, මේ රටේ ජනාධිපතිට වුවමනා අය නොව විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන අය පමණයි වැද්දෝ කියන චින්තනයයි. ඇයි වෛද්‍ය පාදෙණිය මහත්මයාගේ අධ්‍යාපනේ හෝ වෘතියේ සුදුසුකම්වල ගැටළුවක් තියෙයි නම් ඒ ගැන වාද කළ යුතුයි. නැතිව ඔහුගේ දේශපාලන මතය කිසිවෙකුට අදාළ නොවේ. මේ ලෝකයේ පවතින සියලුම රාජ්‍යයන්ගේ රාජ්‍ය තන්ත්රයේ ප්‍රධාන සහ ජනතාවට වැදගත් සියලුම අංශවලට පත්කරන්නේ ඒ රටේ පාලකයාට අවශ්‍ය විදිහට මිසක් පරාජිත ප්‍රතිවාදීන්ගේ ඉත්තෙක් නොවේ. ප්‍රතිවාදීන් සරල දේශපාලනයේ මූලධර්ම නොදැන සිටීම අභාග්‍යයකි.
කඩේ යන විදිහෙන්ම අපි දැනගත්තා ඔය තනතුර ලැබෙයි කියලා, දැන් ECTA, MCC ඔක්කොම නැවතී වර්ජන නැතිවෙයි. සුව සේවයට අබ සරණයි.
අසරණ රෝගීන් පැත්තෙන් බැලුවාම මේක විශාල ජයග්‍රහණයක්... වැඩ වර්ජන නොමැති 5 වසරක් ගත කරන්න පුළුවන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති තනතුරට මධ්‍යස්ත මත ධාරියෙක් වන වෛද්‍ය හරිත අලුත්ගේ පත්වේවා...!!!
කපටි, අපතයින්ට තනතුරු ලැබෙන කාලේ අයෙත් ආවා.
අපෝ හොඳයි. ප්‍රශ්න ඇති කරපු අයට මෙවැනි තනතුරක් දෙන එක... ලංකාවට ගලාගෙන එන විදේශ විනිමය නවත්තපු එකට, පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් රජයටත්, රටටත් ලැබෙන්න තිබෙන දේවල් නැති කළා නම් ගොන් කරත්තයකට බඳින්න තියාගන්න ජනාධිපතිතුමනි.. මේ අය හොඳ තණකොළ කන්න විතරයි.
හාම්පුතාලට කරපු උදව්වලට තුටුපඳුරක් දෙන්න එපායෑ. මෙහෙමත් කාලකන්නි මිනිසුන් අප අතරේ ඉන්නවනේ. අහිංසක මිනිස්සුන්ට දුන්නු දුක්වලට කවදාහරි විඳවන්න වේවි...!!!
අාහා .. එක අතකට රනිල් ප්රමුඛ යූඑන්පී එකට මෙහෙම වෙලා මදි.. අවුරුදු 5ක් තිස්සේ බයිලා කිව්වා විතරයි අඩු ගානේ රටට යහපතක් වෙන මොන මගුලක් වත් කළාද? දැන් ඉතින් මෙව්වා බලාගෙන දත්මිටි කන්න වෙන්නෙත් අපිටම තමයි. අසරණ ලෙඩුන්ගේ ජීවිත උගස් තියලා තමන්ගේ මල්ල පුරෝ ගත්තා මේ වගේ උන්ට කරල් පැහෙයි දැන්.. කට්ටියට සතුටින් ඉන්න පුළුවන් වෙයි තෝරාගත්ත වෙනස ගැන.. අඩු ගානේ කොස්ස ගෙවෙන කල්වත් ඉන්න දුන්නේ නැහැ.. ජනාධිපතිට කොස්ස බිමින් තියලා උඩ බලන් ඉන්න තමයි වෙන්නේ තව ටික කලක් යද්දී.. අනේ මේ රටේ මිනිස්සු නම් කවදාවත් හැදෙන්නෙත් නැහැ. රට හදා ගන්නෙත් නැහැ.
හාම්පුතාලට කරපු උදව්වලට තුටුපඳුරක් දෙන්න එපායෑ. මෙහෙමත් මිනිසුන් අප අතරේ ඉන්නවනේ. අහිංසක මිනිසුන්ට දුන්නු දුක්වලට කවදා හරි විඳවන්න වේවි...!!!
ජය වේවා...!!!
එය එසේ සිදුවුවහොත්, එය තවත් අවසානයක, ආරම්භයක් විය හැකියි... හිමිදිරියේම දොවාපු කිරි කළය අසල ඇති "ගොම" පිඩ, යම් ලෙසකින් කිරි කළයට වැටුණොත් ඉතින්, ඒ කිරි හැලියම විසිකරනවා හැර වෙන මොනවා කරන්නද? එ්ත්, කැමති නම්, ගොමත් සමග කිරි බීමට කැමති අයට පමණක් එය පානය කළ හැකියි. බලමු මොකද වෙන්නේ කියලා... කොහොමත් ලාංකික ජනතාව "ගොම" පොහොර ගැන හොඳට දැනුවත්..
සමහර අය යහපාලන කාලේ ඇහුවා 68ට සනීපද කියලා. කඩේ නොයන අපි දැන් අහන්න තියෙන්නේ 69 ට සහ 54 ට සනීපද කියලා. ඒ කාලේ ඉඳන්ම මම අදහස් දැම්ම නෝනා ආවත් පොල්ල ආවත් කාසිය එකමයි. සාමාන්‍ය බදු ගෙවන ජනතාව වන අපි (පාවෙන ඡන්ද) ඒ කාසිය උඩ ඉඳගන්න ඕනේ.
මීයක් කඩන්නේ අතලෙවකන්න නොවේලු. එහෙත් ඔය රාජිතගේ මුරණ්ඩුකමට තමයි ගොඩක් ප්‍රශ්න ඇති වුනේ...
මේක නම් අන්තිම පහත් වැඩක්.. ඔහුට ඔය එක එක ලේබල් ගැහුවට එතුමා ඉතාම කීර්තිමත් නිලධාරියෙක් වැරදි නම් කවුරු කළත් වැරදියි. එක පරීක්ෂණය කරන එක එතුමාගේ රාජකාරිය... ඉතින් විත්තිකාරයන් දැනගන්න ඕනේ ඔවුන්ගේ නිවැරදි භාවය ඔප්පු කරන්න ඔවුන් බබ්බු නොවේ. බලය තිබුණු කාලේ කරන ජඩවැඩ, හොරකම්, අපරාධ රටේ නීතියට එකඟද? මේ පුදුම රටක්නේ...
ස්කෝලවල පන්තියේ දඟම ළමයා පන්ති නායකකමට පත් කරනවා. එතකොට එයාලා මට්ටු වෙනවා. පාලනය වෙනවා. අනවශ්‍ය දේ කරන්න බැරුව යනවා. හරිදේම කරන්න වෙනවා.
පසුගිය වසර 4 පුරාම මේ මාෆියාව මෙහෙය වූ බළල් හස්තය ගැන දැන් පැහැදිලියි. අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලටදී ඒ කළ පාප කර්මය මොවුන්ට කවදා හෝ විඳවීමට සිදුවෙනු ඇත.
ලෙඩ්ඩු කී දෙනෙක් නැතිවුණාද ස්ට්‍රයික් කරලා ඕක ගන්න?
එතුමා දරන දේශපාලන මතය කුමක් වුවත් එතුමා තම වෘත්තිය හරියටම කරන කෙනෙක්... රෝගීන්ගේ දුක වේදනාව... නැතිබැරිකම් හොඳට හඳුනන කෙනෙක්. උදෑසනම රාජකාරියට එන කෙනෙක්. නිවසින් ගේන උදෑසන කෑම එක කන්නෙත් වැඩකරන තැනම මේසයක ඉඳන්... කරුණාව, මෛත්‍රිය පිරුණු බුදුදහම ගැනත් හොඳ අවබෝධයක් තියෙන සත්ගුණවත් උත්තමයෙක්. මම සුබ පතනවා ඔබතුමාට...!!!
පහුගිය කාලේ ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජන කරේ මේකට තමයි..
දැන් GMOA වැඩ වර්ජන කරන්නේ කොහොමද?
නින්දිත වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් රජය කෙරෙහි මහජනතාව කලකිරවමින් ගෙනගිය නාටකයේ කූටප්‍රාප්තියයි. බයියනි, නුඔලාට සතුටුයිද දැන්...?
මෙයාලා හරි ඉක්මණට ඇක්ෂන් ගන්නවා. දොස්තරලගේ ස්ට්‍රයික් ඉවරයි. මුරුත්තෙට්ටුවේ උන්නාන්සේටත් මොකක්හරි දුන්නා නම් හරි. ඊලඟ ඡන්දෙදී GMOA එකේ දෙන්නෙක් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට යනවලු. නියමයි... මෙය අපි දැක්ක යහපාලනය... ඒත් මේ තරම් ඉක්මණට වෙයි කියලා හිතුවේ නැහැ. තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි රටට.
හොඳ සිංහල බෞද්ධ කෙනෙක් සෙකට්‍රි වෙලා දූෂණ, වංචා නවත්තලා මේ අමාත්‍යාංශය දියුණු කරලා රටට සේවයක් කරලා දෙන එකට මේ වෙනකන් අමාත්‍යාංශයේ අරක් ගත් NGO නඩවලට රිදිලා...
ජනාධිපතිතුමනි, මේ නින්දිත පත්වීම ලබාදීමට ප්‍රථම දෙවරක් සිතන්න. රජයේ රෝහල්වල තිබෙන ඖෂධ පෞද්ගලික රෝහල්වලට හා ෆාමසි තුළට යන ආකාරය ගැන සොයා බලන්න. රෝගීන්ව පමණක් නොවේ. මොවුන්ගේ ග්‍රහණයේ සිටින වෛද්‍යවරුන්ව හා සෞඛ්‍ය සේවක සේවිකාවන්ව මේ ත්‍රස්ත කල්ලියෙන් මුදවා ගන්න.
දොස්තර වර්ජනයේ නියමුවාට එහෙම තනතුරක් දෙනවා නම් දුම්රිය වර්ජනයේ නියමුවාටද ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්කම දෙන්න වෙයි වගේ..
මෙයාගේ පශ්චාත් උපාධිය ඇත්ත එකක්ද දන්නේ නැහැ..
හැබෑට මේකේ කමෙන්ට් කරන අය සජිත්ට ඡන්දය දුන්නා නම් දිනුම්... අනේ මන්දා මඩ බලකාය තාම විසිරුවලා නැහැ වගේ... සුදුස්සාට සුදුසු තැන අැයි රාජිත නෝනාට විතරද? තනතුරු ගන්න පුලුවන් ඊළඟ මහ මැතිවරණයේදී යූ.එන්.පී. එක ලක්ෂ 30යි ගන්නේ ලියලා තියාගනිල්ලා....
මම දැක්කා කවුදෝ කියලා තියෙනවා "ආණ්ඩු පෙරලන්න කරපු වැඩ වර්ජන නිසා මේ ගොල්ලෝ රටේ සාමාන්‍ය ජනතාවට සහරාන් කළාටත් වැඩිය දරුණු අපරාධ සිද්ධ කළා" කියලා. ඇත්තද කියලා නම් දන්නේ නැහැ...
ජනාධිපතිතුමනි, මේ තීරණය ඉතාමත් නිවැරදි තීරණයකි. සුදුස්සාට සුදුසු තැන ලබාදීම ගැන බුද්ධිමත් ජනතාව ඉතා සතුටු වනු ඇත.
පුදුම වෙන්න දෙයක් නැහැ. සුදුස්සාට සුදුසු තැන. එතුමාට තියන බුද්ධිය ඇත්තටම අවශ්‍ය වන්නේ රටටයි. ජී.එම්.ඕ එක ඇතුලට වෙලා ඉන්නේ නැතිව රටේ සෞඛ්‍යය ගොඩගන්න. ඔබතුමා ගැන නොදන්නා අයට මේක තේරුම් කර දීමෙන් පලක් නැත. මේකේ ඉන්න ගොඩක් අය දන්නේ දොස්තරලට බනින්න මිසක් සිස්ටම් එකේ වැරදි හොයන්න නෙවෙයි. ඒක නිසා ඔබතුමා මේ සිස්ටම් එක හදන්න.
මෙම තනතුර භාරගැනීමේ සදාචාරයක් මොහුට තිබේද?
යමක් වේනම් එය සුදුස්සාටම ලැබිය යුතුමය .
හපොයි කෝ මේ වියත්මගේ කතා පවත්වපු අය?
කෙනෙකු යම් තනතුරකට පත්කරනකොට එම තනතුරට අදාළ විෂය ගැන දැනුමත් තිබිය යුතුයි නේද? එහෙම බලනකොට වෛද්‍ය පාදෙනිය මහතා අදාළ තනතුරට සුදුස්සෙකි.
පොඩ්ඩක් ඉන්න. අමාත්‍යංශ ලේකම් යනු පරිපාලන සේවයේ තනතුරක්. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා එම තනතුරට සුදුසු වන්නේ වෛද්‍ය පරිපාලන නිලදරුවෙක්. විශේෂඥ වෛද්‍යවරයා යනු යම්කිසි රෝගයකට හෝ ආසාදනාත්මකතාවයක් ගැන වැඩිදුර අධ්‍යනය කළ අයෙක් මිස වෛද්‍ය පරිපාලකයකු නොවේ.. ඉතින් අපේ මේ වෛද්‍යවරයාට ,වෛද්‍ය පරිපාලනය පිලිබඳ සුදුසුකම් තියනවා නම් අමාත්‍යාංශ ලේකම් තනතුර දුන්නාට වරදක් නැහැ. අතිගරු ජනාධිපතිතුමාම කීවානේ සුදුසුකම් ඇති අයවලුන්ට පමණක් එම තනතුරු ලබාදෙනවාය කියලා. අපි ඇස් ඇරගෙන කට පියාගෙන බලාගෙන ඉඳිමු.
මින් පස්සේ දොස්තර වර්ජන අහෝසියි.
අසරණ රෝගීන් බිල්ලට දී මොන තනතුරක් ලැබුණත් මොකටද? තනතුරු ලැබුණත් කළ නපුරුකම් අපේ හිත්වල තිබෙන බව අමතක නොකරන්න.
පෞද්ගලික ගිලන් රථ සේවා හරහා අසරණ රෝගීන්ගෙන් ගසා කෑමේ උවමනාවට මේ දොස්තරලා සුවසැරිය ගිලන් රථ සේවයට විරුද්ධ වූ හැටි ජනතාවට අමතක නැහැ. හෙද සේවක සේවිකාවන්ට උපාධිය සඳහා ඉගෙන ගැනීමට තිබු අවස්ථාව මේ දොස්තර ප්රමුඛ කණ්ඩායම විසින් අහිමි කරනු ලැබුවා. මේ හැමදෙයටම කලින් ජනාධිපතිතුමා කල යුතුව ඇත්තේ, රජයේ රෝහල් වලට වෛද්‍යවරු, සේවයට වාර්තා කිරීමේ හා පිටවීමේ වෙලාව සටහන් කිරීම, නවීන තාක්ෂණය ඔස්සේ ක්‍රියාවට නැංවීමයි. මම වගකීමෙන් කියනවා අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු පැය දෙකකට වඩා රාජයේ රෝහල් වල රාජකාරි නොකරන බව. හවස් වරුවේ නම් මොවුන් ගේ රාජකාරිය සිදුවන්නේ, පෞද්ගලික රෝහල් වල හා චැනල් සෙන්ටර් වල පමණයි. මෙතන අයට මම කියා සිටින්නේ සිටින්නේ. මේ සෞඛ්‍ය ගැටලුවට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවයි. මේ ගැටලුව රටේ දුප්පත් පොදු මහජනතාවගේ ගැටළුවක් ලෙස සිතා අප සැම එකට එකතුවී, ජනාධිපති තුමා මාර්ගයෙන් කඩිනම් විසඳුමක් ලබා ගත යුතු බවයි.
පසුගිය වසර කිහිපය තුළ බොරුවේ ප්‍රතිඵලය ඔබටම විඳවන්න සිදුවෙයි. රටේ බුද්ධිමත් ජනතාව දැනගෙන සිටියා ඔබ කරන ක්රියාවේ යටි අරමුණ දැන් එය රටටම හෙළිදරව් වුණා...
මමත් ඇතුළු රටේ ජනතාව බලාපොරොත්තු වුවාට වඩා වෙනස් දෙයක් තමයි දැන් සිදුවෙමින් පවතින්නේ.
ලෙඩුන් කෙසේ වෙතත් දොස්තරලා ගොඩේ ගොඩ.
මේ ලියන මම ලංකාවේ නොතිබූ අත්‍යාවශ්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රමයක් මගේ උත්සාහයෙන් විදේශයකදී ඉගෙන මගේ රටට සේවය කිරීමට පැමිණි නමුත් මුදලට ගිජු වූ අපේම වෘත්තිකයන්ගෙන් අපමණ බැටකා නැවත විදේශ ගත වීමට සිදුවූ වෛද්‍ය විශේෂඥයෙකි. වෛද්‍යවරු සම්බන්ධයෙන් ආචාරියාට අසුවූ රත්වූ යකඩයට මෙන් සලකන ශ්‍රී ලංකා වැසියන්ට පණිවුඩයක් දීමට සිතුනි. මෙම රටවල තරමට ගුණයහපත්කම් නැතත් ලංකාවේ වෛද්‍යවරුන් බොහොමයක් ස්වල්ප ලාභයකට විශාල සේවයක් කරති. අනෙක් අතින් ඔවුන් පැවත එන්නේද ඔබ සියලු දෙනා ජීවත් වන වංචාවෙන් පිරුණු අනෙකා මරාගෙන කෑමට බලා සිටින සමාජයෙන්මය. අවාසනාවකට බොහොමයක් හොඳ වෛද්‍යවරු රට හැර ගොසින්ය. එබැවින් අපහාස කිරීම නවතා ගොඩනැගීමේ චේතනාවෙන් කරන විවෙචනයකට එක්වනු මැනවි. වෛද්‍ය පාදෙණිය ගැන කියතොත් ඔහු මා සමග වෛද්‍ය පීඨයේදී ඉතා කිට්ටුවෙන් ඇසුරු කල අයෙකි. හොඳ වෛද්‍යවරයෙකුට පමණක් නොව ඕනෑම යහපත් මිනිසෙකුට තිබිය යුතු ගතිගුණ ඔහුට ඉතා ඉහලින් පිහිටා තිබුණි. සැමවිටකම අනුන්ගේ යහපතටම හිත යොදවන බැවින් අපි ඔහුට ජනතා මිතුරා යැයි නමක් පට බැඳ තිබුණි. මෙයට බොහෝ උදාහරණ ඇත. ස්තුති
මේ ලියන මම ලංකාවේ නොතිබූ අත්‍යශ්‍යය වෛද්‍ය කර්මයක් මගේ උත්සාහයෙන් විදේශ පුහුණුවේදී උගෙන ලංකාවේ මගේ ජනතා වට සේවය කිරීමට පැමිණි නමුත් මුදලට ගිජුවූ අපේම වෘත්තිකයන් ස්වල්ප දෙනෙකුගේ අපමණ බැටකෑමට ලක්වී නැවත විදේශගත වීමට සිදුවූ වෛද්‍ය විශේෂඥයෙකි. වෛද්‍යවරුන් සම්බධයෙන් රත්වූ යකඩය දුටු ආචාරියා ක්‍රියාකළ ආකාරයට හැසිරෙන ශ්‍රී ලංකා වැසියන්ට මේ පණිවුඩය ලියමි. මේ රටවල තරමට ගුණයහපත්කම නැතත්, ලංකාවේ වෛද්‍යවරුන් අඩු වාසි යටතේ වැඩි සේවාවක් ලබාදෙති. අනෙක් අතට මේ වෛද්‍යවරුන් පැවත එන්නේද ඔබ හැම ජීවත්වන වංචාවෙන් පිරුණු, අනෙකා මරා කෑමට සැරසෙන ලාංකික සමාජයෙන්ම නොවේද ? අවාසනාවකට අයහපත් සමාජයකින් ශුද්ධවන්ත වෛද්‍යවරු බලාපොරොත්තු විය නොහැක. එබැවින් පවිකාරයන්ට ගල්ගැසීම නවතා තමන්ගේත් වැරදි හදාගෙන ගොඩ යන සංවාදයකට යනවානම් මැනවි. වෛද්‍ය පාදෙණිය ගැන කියතොත්, ඔහු වෛද්‍ය පීඨයේදී ඉතා ලගින් ඇසුරු කළ අයෙකි. සාමාන්‍ය මනුෂයෙකුට එහා ගිය අනුන්ගේ දුකේදී උණුවන හදවතක් ඔහුට තිබිණි. තමාගේ වැඩ පසෙකලා අනුන්ට උදව් වන නිසා අපි ඔහුට ජනතා මිතුරා කියා නමක් පටබැඳ තිබුණි. චාම් මිත්‍රශීලි හා සුහද බව තුලින් ඔහු බොහෝ ආරවුල් විසදීය.