මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති රැස්වීමක දී හෙළි විය.