IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර සිර වී සිටි 2,000ක් ගෙදර යවති

(නිමන්ති රණසිංහ)

 
බස්නාහිර පළාත තුළ සිරවී සිටි තවත් පුද්ගලයින් 2,000 දෙනෙකු ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමේ පස්වැනි අදියර අද (13)  ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව සිදුවන මෙම වැඩසටහනට අනුව, ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ රැඳි සිටි මෙම පිරිස දිස්ත්‍රිරක්ක 24කට පිටත් කර හැරී බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
 
 
ළමුන්, ගැබිණී මවුවරුන් මෙන්ම වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සහ දීර්ඝ කාලීන රෝගීන් මෙලෙස පිටත් කර යැවෙන්නේ මුලික වෛද්‍ය පරීක්ෂණයකින් පසුව බවද පොලිසිය ස`දහන් කරයි.

ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මානුෂික ක ක්‍රියාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, ප‍්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගී වී සිටියහ.
 
මෙහි පළමු අදියර කැළණීය පොලිස් කොට්ඨාසයෙන් ද දෙවැනි සහ තෙවැනි අදියර නුගේගොඩ පොලිස් කොට්ඨාසයෙන් ද සහ තෙවැනි අදියර රත්මලාන වශයෙන් ඉකුත් දින කිහිපයේදී සිදු කෙරිණී.
 
ඇ`දිරි නිතිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයින් 51,000කට ආසන්න පිරිස අතුරින් මේ වන විට පුද්ගලයින් 5000කට ආසන්න පිිරිසක් මේ වන විට ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර යවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.



අදහස් (0)

බස්නාහිර සිර වී සිටි 2,000ක් ගෙදර යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site