ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. 13 May 2020
අධිකරණයට අපහාස කළේ යයි ඥානසාර හිමිට එරෙහි නඩුව කල් යයි අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 16 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළේය. 13 May 2020
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද (13) තීරණය කර ඇත. 13 May 2020
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි අද පස්වරුවේදී සොයා ගන්නා ලද නව ආසාදිතයන් දෙදෙනා සමගින් කොවිඩ් 19 වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අද දිනයේදී රෝගීන් 16 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 500 දක්වා අඩුවී තිබේ. 13 May 2020
උතුරේ කළපු තුනක් ප්‍රතිසංස්කරණයට එල් ටී ටී ඊ ගැටුම් පැවැති සමයේ විනාශයට පත්වූ නන්දිකඩාල් තොන්ඩමනාරු හා නයාරු යන කළපු නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පියවර ගෙන ඇත. 13 May 2020
කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම බලරහිත කරන්නයි ඥානසාර හිමියන්ගෙන් පෙත්සමක් තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂය’’ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ 13 May 2020
රාජිත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය. 13 May 2020
රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අද (13) නියම කළේය. 13 May 2020
සහරාන්ගේ දේශන ඇසූ දරුවන් දෙදෙනකුගෙන් රහස් ප්‍රකාශයක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් නමැත්තා ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ බව කියන බාලවයස්කාර දරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් ප්‍රකාශයක් දුන්හ. 13 May 2020
පෙත්සම් විභාග නිමවනතුරු මනාප අංක ගැසට්ටුව නෑ පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුවට එළැඹී ඇතැයි වාර්තාවේ. 13 May 2020
නිකවැරටියේ වසා දැමුණු හෝටල් යළි අරී ඇඳිරි නීතියෙන් පසුව 11 දා විවෘත කෙරුණ ,නිකවැරටියේ හෝටල් ව්‍යාපාරික ස්ථාන පොලීසියේ දැනුම් දීම මත ඊයේ 12 දහවල් වසා දැමුණ අතර මහජන පරීක්ෂක මහතුන්ගේ දැඩි උපදෙස් මත අද (13) යලි විවෘත කෙරිණි. 13 May 2020
ගාල්ලෙන් සාගරිකා දුම්රියට මගීන් 56යි ගාල්ලේ සිට කොළඹ කාර්යාලවල රාජකාරී සඳහා යන පුද්ගලයන් සඳහා අද (13) උදෑසන දුම්රිය දෙකක් ගාල්ල දුම්රිය ස්ථානය හරහා ධාවනය කෙරිණි. 13 May 2020
හයිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහායට කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා තිබේ. 13 May 2020
ගම්පහ පොලිස් කොට්ඨාසයේ කොටුවී සිටි ජනතාව පිටත් කෙරේ කොරෝනා වයිරස ව්‍යාප්තවීම වලක්වාලීම පිනිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය. 13 May 2020
බලන්ගොඩ කොණ්ඩා කැපීම ඇරඹෙයි බලන්ගොඩ නගරයේ කොණ්ඩා කපන ආයතන දැඩි සෞඛ්‍ය උපදෙස් මත අද (13) විවෘත කෙරිණි. 13 May 2020
හැටන්හි මධු ලෝලීන් පාලනයට පොලිසිය එයි හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමෙන් එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු විය. 13 May 2020
‘සුමන්තිරන්ගේ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානයම වගකිව යුතුයි’ කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය අවතක්සේරු කරමින් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයට ආර්.සම්බන්ධන් ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයම වගකිව යුතු යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුනේ නායක වී.ආනන්ද සංගරි මහතා පවසයි. 2010 ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු ඉංග්‍රීසි මාධ්‍යක් සමගින්ද කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය අවතක්සේරු කරමින් සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදුකළ බවත් දෙමළ ජාතික සන්ධානයද ඊට මුනිවත රකිමින් 13 May 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව විරෝධතා වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ අද (13) පෙරවරුවේ වෛද්‍ය වීරබණ්ඩාර මහතාට රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී රෝහල ඉදිරිපිටට රැස්වී විරෝධතාවයක නිරත වූහ . 13 May 2020
ලක්ෂ දෙකක මත්කුඩු සමඟ අත්තිඩියේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගල්කිස්ස අත්තිඩිය කහවිට ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්කුඩු පැකට් 400 ක් සමග පුද්ගලයෙක් අද( 13) අලුයම අත්තිඩිය කහවිට මාවතේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරු පැදි ඒකකය කියයි. 13 May 2020
හැටන් ආපනශාලා වසා දමයි කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා හිමියන්ට ආපන ශාලා පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් නිර්නායක වලට පටහැනිව හැටන් දික්ඔය නගර සභා සිමාවේ ආපන ශාලා හිමියන් කටයුතු කිරිම නිසා එම ආපන ශාලා (12) දින වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර තිබුණි. 13 May 2020
පුද්ගලයකුට පහරදුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවෙකු අද (13) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේමස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරතැබීමට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා පොලීසියට නියෝග කළේය. 13 May 2020
ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන් සුවය ලබයි ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ 13 May 2020
මගීන් ආපසු හරවා යැවීමෙන් බෙලිඅත්ත දුම්රිය පොළ උණුසුම් වෙයි දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන් කරවානොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හටගත්හ. 13 May 2020
ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත. 12 May 2020
කොරෝනා ආසාදිතයන් 889 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 889 දක්වා ඉහළ ගොස් ඇත. 12 May 2020
අගමැති මෝදිගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික සහන පැකේජයක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (12) ප්‍රකාශ කළේය. 12 May 2020
කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලයි අලව්ව හුම්බුළුව ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරොධි මත්පැන් ජාවාරමක නිරතවූ බව කියන එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි. 12 May 2020
සුමන්තිරන්ගේ එල්.ටී.ටී.ඊ විරෝධී ප්‍රකාශයෙන් දෙමළ ජාතික සන්ධානය දෙදරයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ. 12 May 2020
පාසල් වෑන් රථ ගාස්තුවෙන් අඩක් අය කිරීමට තීරණය කරයි පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ වෑන් රථ සදහා අප්‍රේල්, මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකරන නමුත් ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් පවසයි. 12 May 2020
’දුම්රියෙන් ආවත් ගෙදර යන්න බස් නෑ’ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යාම ඒම සඳහා දුම්රියයන්ගෙන් ගමන් පහසුකම් ඇතත් දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාමේ දුෂ්කරතාවක් පවතින බව සේවක සේවිකාවෝ පවසති. 12 May 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026