IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා

 

(නිමන්ති රණසිංහ)
 
නාවික හමුදාවේ සාමාජිකයින් 439 දෙනෙකු මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
එම සාමාජිකයින්ගෙන් 61 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් බැහැර වී ඇති බවත්, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 378 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් යුධ හමුදාපතිවරයා ස`දහන් කළේය.
 
යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (13)  සවස පැවැති මාධ්‍ය හමුවකදීය.
 
ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (පුද්ගලයින් 12), පම්පේමඩු (පුද්ගලියින් 129), දම්මින්න (පුද්ගලයින් 69) සහ නාවික හමුදා පවුල් නිරෝධායන මධයස්ථාන (පුද්ගලියන් 98) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 435 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණය සිදුකර අද (13) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුධ හමුදාපතිවරයා සදහන් කළේය.
 
ඒ අනුව, අද (13) දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8099 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුධ හමුදාපතිවරයා පැවසීය.
 
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක පුද්ගලයින් 3444 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (0)

නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site