IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල රෝහලේ  විරෝධතාව විසඳුමකින් තොරව අවසන්

(පුෂ්පකුමාර ජයරත්න)

 
  කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එම රෝහලේම කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව අද දියත් කළ විරෝධතාවය පස්වරුවේදී විසඳුමකින් තොරව අවසන් විය.
 
  වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට කාර්යාලයීය රාජකාරි සිදු කිරීම වළක්වාලමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළහ .

අද පෙරවරු 9.00 ට ආරම්භ කරන ලද විරෝධතාව පස්වරු 3.30 ට අවසන් වූයේ එතෙක් තම කාර්යාලයට යාමට නොහැකිව සිටි රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල් භූමියෙන් පිටව යාමෙන් පසුවය

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහල් භූමියෙන් පිටව යාමෙන් පසුව ඔහුට එරෙහිව විරෝධතාවයේ යෙදුනු කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින්ද විරෝධය අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියහ .
 
මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කියා සිටියේ අවස්ථා දෙකකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ස්ථාන මාරු නියෝග ලබා සිටින වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට තව දුරටත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවය .
 
 ඔහු එම ස්ථාන මාරුව පිළි නොගෙන නැවත අද දිනයේ මෙන් හෙට දිනයේත් රෝහලට පැමිණියහොත් හෙටද මේ ආකාරයටම විරෝධතාවයක් දියත් කරන බවද ඒ මහතා පැවසීය . 

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට රෝහල් අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි කටයුතු කළ නොහැකි ආකාරයට අධ්‍යක්ෂවරයාට අයත් නිල කාමරය රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් විසින් ඉබි යතුරුලා අගුළු දමා තිබුණි .



අදහස් (5)

කුරුණෑගල රෝහලේ  විරෝධතාව විසඳුමකින් තොරව අවසන්

Prasad Wednesday, 13 May 2020 01:44 PM

ඕක තමයි කියන්නේ වපුරපුවා තමයි නෙළාගන්න වෙන්නේ.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 13 May 2020 01:56 PM

මේ මොකද වෙන්නෙ, ජාතියෙ මවුන් වඳ කරනවට විරුද්ධව කතා කරපු දේශප්‍රේමීයා, ව්‍යාජ දේශප්‍රේමී සළු ඉක්මනින් ගැලවෙන බවට හොඳ උදාහරණයක් , මෙයා බේරගන්න කවුරු ඉඳීවිද?

:       0       0

shantha Wednesday, 13 May 2020 05:10 PM

මහා බොරු ගොඩක් වපුරපු කෙනෙක්.

:       0       0

maheshika Wednesday, 13 May 2020 08:35 PM

කවදා අහපු දේවල්ද? වෛද්‍යවරු, හෙදියන් ඔවුන්ගේ අභිමතාර්ථය ඉටුකරන්නේ අහිංසක රැකියාව ඇපයට තියලා...

:       0       0

දිමුත් Thursday, 14 May 2020 05:05 AM

මෙයා නේද අර "වඳ සැත්කම්" දොස්තරව මාට්ටු කළේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site