ගම්පහදී පරීක්ෂා කළ 101 කින් දෙදෙනකුට කොරෝනා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. 18 July 2020
බච්චන් පවුලම රෝහලේ කොරෝනා වයිරසයට ආසාදනය වී යැයි තහවුරු වීමෙන් දින පහකට පසුව අයිශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා රෝහල්ගත වී සිටිති. ඔවුන් දෙදෙනාම කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා නැනාවතී රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. 18 July 2020
ප්‍රවාහන බලපත් අහෝසි කළේ සංවර්ධන කටයුතුවලට යොදවන්නයි වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට අවශ්‍ය බලපත් ලබාගැනීමේ ක්‍රියාවලිය අහෝසි කිරීමට රජය පියවර ගත්තේ සංවර්ධන කටයුතු සඳහා මෙම අමුද්‍රව්‍ය විශාල වශයෙන් ඉල්ලුමක් පවතින නිසා බව ඉඩම් සංවර්ධන වනජීවී හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (18) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 18 July 2020
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 34,900ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (17) වාර්තා වූ අතර එම ගණන 34,956ක් ලෙස දැක්විණි. 18 July 2020
මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමට තීරණයක් මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. 17 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 674 ට නගී මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ඒ අනුව කෝරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 කී. 17 July 2020
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය. 17 July 2020
රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 17 July 2020
‘පන්නල පීසීආර් කළ 18 න් කිසිදු අයකුට ආසාදනය වී නෑ’ පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කළ 18 දෙනෙකුගෙන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට අද (17) තහවුරු වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 17 July 2020
සයිබර් ප්‍රහාරයෙන් ට්විටර් ගිණුම් 130 කට බලපෑම් එල්ල වෙලා මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී ගිණුම් 130 කට ආසන්න සංඛ්‍යාවක් හැකර්කරුවන්ගේ ඉලක්ක බවට පත්වූයේ යැයි ට්විටර් සමාගම අනාවරණය කරයි. 17 July 2020
රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 17 July 2020
සෞන්දර්ය සිසුහු අවසන් වසර විභාගය කල් දමන්නැයි ඉල්ලති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු පවත්වන්නැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත. 17 July 2020
රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි. 17 July 2020
මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අද (17) අනුමැතිය ලබා දුන්නේය. 17 July 2020
ඇවන්ගාඩ් සභාපතිගේ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
අඟුලාන පොලිසියේ කලබල කළ 14දෙනාට ඇප අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබල කිරීම හේතුවෙන්, අත්අඩංගුවට ගත් 14දෙනා ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද(17) නියෝග කළේය. 17 July 2020
කල් ඉකුත් වූ වීසාවලින් සිටි ඉන්දියානුවෝ 3ක් අත්අඩංගුවට කල් ඉකුත් වූ සංචාරක වීසා සහිතව ලංකාවේ රැඳී සිටිමින්, හැටන් නගරයේ ජ්‍යෙතිශ්‍ය කටයුතුවල නියැලී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය. 17 July 2020
‘ගෙදරට කොරෝනා ගේන්න එපා’ ‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. 17 July 2020
සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත. 17 July 2020
ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 17 July 2020
කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’ ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ ’බඹරු ඇවිත්’ චිත්‍රපටයද ඇතුළත් කර තිබේ. 17 July 2020
වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම් ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයෙකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්ද නියම කළේය. 17 July 2020
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද (17) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 17 July 2020
මත්කුඩු ජාවාරම්කරුවන් 5 දෙනෙකු බුස්ස බන්ධනාගාරයට බන්ධනාගාර ගණනාවක රඳවා සිටි ප්‍රබල ගනයේ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් මෙන්ම, මත්කුඩු ජාවාරම්කරුවන් 5 දෙනෙකු බුස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා තැබීම සඳහා එහි රැගෙන ගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 17 July 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරීවලින් ඉවත්වෙති සිය සේවා කටයුතුවලින් අද(17) සිට ඉවත්වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය. 17 July 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 10 පනී ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. 17 July 2020
හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17) නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 17 July 2020
මන්නාරම් ගිය තැපැල් දුම්රිය සෙනරගත්ගම දී පිලී පනී කොළඹ කොටුව සිට මන්නාරම බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ සෙනරගත්ගම දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (16) රාත්‍රී 11.30ට පමණ පිලී පැනීමකට ලක්ව ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. 17 July 2020
ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 77,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වූ බව ’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 17 July 2020
ඇමැතින්ගේ කාර්යභාරය ශ්‍රේණිගත කිරීමේ යෝජනාව අපේ රටේ සාමාන්‍ය සිරිත දේශපාලනඥයන් විසින් රටේ නිලධාරීන් ඇතුළු ජනතාවගේ වැඩ අධීක්ෂණය කිරීමය. ඔවුන්ගේ සම්මත මිණුම් දඬු මත පිහිටා ජනතාවගේ කාර්යභාරය පවා තක්සේරුවකට ලක් කිරීමය. එහෙත් එයට වඩා හාත්පසින්ම වෙනස් අලුත් ක්‍රමවේදයක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා අලුත් අදහසක් ප්‍රකාශ කර තිබිණි. ඊට අනුව මීළඟට බලයට පත්වන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කාර්යසාධනය මාස 3කට වරක් ශ්‍රේණිගත කිරීම සිදුවිය යුතුය. 17 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026