(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වයිරසය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17) නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු පැවසීය.

මේ අතර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙකු,හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියගේ සමීපතමයින් 30 දෙදෙනෙකු වන බව පැවසේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයාගේ මව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන අතරතුරදී කොරෝනා වයිරසය රෝග වැළඳීමත් සමඟ ඇයගේ සමීපතමයින් 30 දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමට පියවර ගැන තිබුණි .
ඒ අනුව ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද , ඔවුන් සමඟ ආශ්‍රය කළ හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකළ බව උසස් පොලිස් නිලධාරියා පැවැසීය .
COMMENTS
ඒ අයගෙන් තව කී දෙනෙකුට හැදිලා ඇඟඇතුලේ ඇතිද ...? ඔය විනාශයට හේතුව මිනිස්සු මේ රෝගය බරපතලට ගණන් නොගැනීමයි. ඊට වගකිව යුත්තේ තොණ්ඩමන්ගේ මරණයට ගිය මහින්ද රාජපක්ෂයි. රටේ නායකයින් (හිතාගෙන ඉන්නේ එහෙමයි) කිසිවගකීමක් නොගෙන කටයුතු කරද්දී සාමාන්‍ය මිනිස්සු ඒ අයව අනුගමනය කරනවා. මේ ඡන්දෙන්වත් ගෝත්‍රික පවුල් ටික එළවලා දමමු. නැතිනම් අපිට රටක් ඉතිරිවෙන්නේ නැහැ. සජිත් මහත්තයා හැර කවුරුවත් පොදු ජනතාවගේ පැත්ත ගන්නේ නැහැ...
සියලුම පක්ෂවල එකඟතාවයෙන් මැතිවරණ රැස්වීම් වහාම නතර කළහැකි නම් රෝගය පැතිරීයාම සෑහෙන දුරකට වළක්වාගත හැකියි.
රටේ හැම තැනින්ම හම්බවෙන හැම කෝවිඩ් රෝගියෙක්ම කන්දකාඩු වලට බැර කරනවා. මේ ඔක්කොම බොරුව කරන්නේ ඡන්ද රැස්වීම් ටික තියාගන්න. තාම කෝවිඩ් ගැසට් එක අත්සන් කරන්නේ නැහැ. මොවුන්ට එක ආසනයක හරි වැඩි බලයක් දුන්නොත් රටට අබසරණයි...
ලංකා හොස්පිටල් එකට කොරෝනා පොසිටිව් කෙනෙක් ගිහින් හැමතැනම ඇවිදලා තියෙනවා. නමුත් තව වෙනතුරු නිසි සොයාබැලීමක් නැහැ.