නෞකාවේ හානිය නිරීක්ෂණයට ගැලවුම්කාර සමාගමේ තිදෙනෙක් යති ගිනි ගැනීමට ලක්වු එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ හානිය නිරීක්ෂණය කිරීම සදහා එහි ගැලවුම්කාර සමාගමේ නියෝජිතයන් තිදෙනෙකු අද (9) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පවසයි. 09 September 2020
සුවය ලැබුවෝ 11 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (09) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් දක්වා පහළ බැස තිබේ. 09 September 2020
ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ මහතා ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. 09 September 2020
මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 26 දා සැලකිල්ලට රාවුෆ් හකීම් , රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉස්ලාම් බැතිමතුන් කිහිප දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් වැඩිදුර සලකා බැලීම ලබන නොවැම්බර් 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 September 2020
නැවේ ගින්න උගන්වන පාඩම අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ප්‍රකාශයට පත්වීම මහත් සැනසිල්ලකට හේතුවකි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මහ මුහුදේදී ගිනිගෙන දැවෙමින් තිබූ නැව පසුගිය දින කිහිපය තුළ රටේ ප්‍රධාන ‘‘කටගැස්ම’’ බවට පත්ව තිබිණි. 09 September 2020
වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකතන-සිම්පත්-බැටරි අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක්ස් වාට්ටුවේ සිදුකරන ලද හදිසි සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ ජංගම දුරකතන 10 ක්, සිම්පත් 8 ක්, බැටරි 102 ක් බුද්ධි අංශ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 September 2020
ඌරගස්මංහන්දිය උණුසුම් වෙයි විදුහල්පති මාරුවට පක්ෂව හා විපක්ෂව දෙපිරිසක් අද (9) පෙරවරුවේ උද්ඝෝෂණ පැවැත්වීමත් සමගම ඌරගස්මංහන්දිය ඇළකාක මහා විද්‍යාලය ඉදිරිපිට මහ මාර්ගයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 09 September 2020
පාහියන්ගල ලෙනට සමාන ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක ප්රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් හමුවී තිබේ. 09 September 2020
මා නිර්දෝෂී බව මගේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා තමා නිර්දෝෂී බව තම හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (පො.පෙ.) පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය. 09 September 2020
පොල්-අල-ලොකු ලූනු මිල නඟී වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 09 September 2020
අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි බණ්ඩාරගම අටුළුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පිරිසක් පහරදී බාධා කිරීමත් සමඟ අවට පොලිස් ස්ථාන වලින් කැඳවීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 09 September 2020
පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු කිලෝ 10ක් පමණ රැගෙන ආ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 09 September 2020
රුපියල් 20 කට දරුවකු අපයෝජනය කරලා රුපියල් විස්සක මුදලක් ලබාදෙමින් අට හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අවස්ථා කිහිපයකදිම අපයෝජනය කලේ යැයි කියන 60 හැවිරිදි මාලු වෙළෙන්දෙකු ඇටවීරගොල්ලෑවේදි අත් අඩංගුවට ගත්බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි. 09 September 2020
බඹරු ඇනීමෙන් දැරියක් මරුට තිදෙනකු රෝහලේ වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී බඹරුන් ඇනීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි. 09 September 2020
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික හමුදාව පවසයි. 09 September 2020
කොළඹ-මහනුවර මාර්ග ධාවනයට බාධා කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන නගරාසන්නයේදී අද(09) කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීම නිසා වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ. 09 September 2020
සිරකරුවකුට දීමට සූදානම් කර තිබූ ලක්ෂ 10ක හෙරොයින් සොයාගනී මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එමින් සිටි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිරකරුවෙකුට ලබා දීමට සූදානම් කර තිබු බව කියන රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග තිදෙනෙකු සැක පිට ප්‍රශ්නකිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. 09 September 2020
වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට මධ්‍යම පළාත පුරා පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 09 September 2020
කල්පිටියෙන් අත්අඩංගුවට ගත් රන් තොගයේ වටිනාකම කෝටි 10 කට ආසන්නයි කල්පිටිය තිහලිය ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් රත්තරං වල වටිනාකම රුපියල් නව කෝටි පනස් තුන්ලක්ෂ හයසිය තිස් හයක් බව ශ්‍රී ලංකා රේගුව සනාථ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. 09 September 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 08 September 2020
කළුතර බන්ධනාගාරයෙන් කාන්තා රැඳවියෙක් පළායයි හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියෙකු අද (08) සවස සිවිලිම කඩාගෙන පලාගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 08 September 2020
ගව ඝාතනය නතර කරන්න ගෙන ආ යෝජනාවට අනුමැතිය මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. 08 September 2020
ගසකට යටවී මියගිය දරුවාගේ මරණයට සැකපිට ගස කැපූ පුද්ගලයා අත්අඩංගුවට කපමින් තිබූ සියඹලා ගසකට යටවීමෙන් අවුරුදු 11 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගස කැපූ පුද්ගලයා අද (08) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පැවසීය. 08 September 2020
හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂ 20 ක් රැගෙන කැබ් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු අද (08) ඌරගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්ගොඩ පොලිසිය පැවසීය. 08 September 2020
‘නිව් ඩයමන්ඩ්‘ නැව ඇති මුහුදු ප්‍රදේශයේ තෙල් පැල්ලම් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාව වටා කිලෝමීටරයක මුහුදු ප්‍රදේශයේ කළු පැහැ තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 08 September 2020
20 ට එරෙහිව මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියස විරෝධතාවක් ‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී අද (08) පස්වරුවේ පැවැත්විණ. 08 September 2020
20 පරදවන්න සජිත් පෙරමුණ ගනී රට කොඩිවිනයක් බවට පත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(8) පැවසීය. 08 September 2020
හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීති විරෝධී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැකකෙරෙන පුද්ගලයෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 787 ක්ද සමඟ විසින් අද (08) බදුල්ල පස්සර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය. 08 September 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති සේවකයින්ට අඩ වැටුප් සමඟ නිවාඩු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට අඩ වැටුප් ගෙවා නිවාඩු ලබා දීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත. 08 September 2020
අපේ ජනබල පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ සභාපතිවරයා පත් කරන නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයි ඉල්ලා අපේ ජනබල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (8) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 08 September 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026