
(නිමල කොඩිතුවක්කු)
රට කොඩිවිනයක් බවට පත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(8) පැවසීය.
20 පරාජය කිරීමට පමණක් සීමා නොවී දහනමයෙන් ඔබ්බට ගිය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීමට තමන් කැපවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දහනවයෙන් ඉදිරියට ජනතා ව්‍යාපාරය බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියස සංවිධානය කළ විරෝධතාවයට එක් වෙමින් සජිත් පේමදාස මහතා මේ බව පැවසීය.
විසිවන සංශෝධනයෙන් රටට සිදුවන විනාශය පිළිබඳව නගරයක් නගරයක් පාසා ගම් දනව් සිසාරා සම්මන්ත්‍රණ රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම සටන සමඟ එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන් ඇතුළු ප්‍රජාවට තමන් ආරාධනා කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සහයෝගය දෙන්නේ කවුද?
ඉස්සරවෙලා එජාපය පරද්දන්න පෙරමුණ ගත්තා. දැන් මොකක්ද මේ නටන්න හදන නාඩගම..? මෙයාගේ කී දෙනෙක් 20ට අත උස්සයිද? කියලා කියන්නත් බැහැ. එල්ලුම්ගස් ගිය මිනිස්සු නීති හදන තැනට පත්වන උතුම් රටක අපි ඉන්නේ.
පාර්ලිමේන්තුවේ බලය තියෙනවද ඔයාට?
සිදුවෙන දෙයට එක්සත් ජාතික පක්ෂයත් වගකිව යුතුයි. 2015 මිනිස්සු ඡන්දෙ දුන්නේ ලොකු විශ්වාසයක් තියාගෙන. ඒ විශ්වාසය බිඳීමේ එක් ප්‍රතිඵලයකට තමයි මේ මුහුණ දෙමින් සිටින්නේ.
කාලයක් කොට ඇද්දා... මේපාර නම් කරඬුව වඩම්මන්නයි යන්නේ...
එයා පෙරමුණ ගත්තා නම් ඉතින් ආයේ මොනවා බලන්නද? වැලේ වැල් නැහැ .
පියතුමා බලයෙන් මත්වී නටපු නාඩගම් මෙයාත් නටයි කියලා බය ඇති.
ගෙදර යන්න.
සභාවේ සිනහා.. හාහා!!!
20 පරද්දන්න ඔය කට්ටියට කවදාවත් බැහැ.
පෙරමුණ අරගෙන කරපුවා අපි දැක්කා. පරාද වීමේ ගොඩට මේකත් දාගන්න.
කරන්න බැරි දේවල් ම තමයි කියවන්නේ. පහුගිය කාලේම ඕක කරා .
සජිත් සහ පැරදීම කියන වචනයත් අතර හොඳ සම්බන්දයක් ඇත.
දේශපාලන අනාථාගාරය... ඔව් මොනව හරි කියන්න. නැත්නම් මිනිස්සුන්ට අමතක වෙලා යයි මෙහෙම කට්ටියක් හිටියද කියලා.
ඔබ පෙරමුණ ගත්ත මොනවද හරිගියේ.
රට කාලා, සමගිය විනාශ කරලා දැන් බයිලා ගහනවා.