රජයෙන් අවවාදයක් කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් රජය විවිධ විධි විධාන ගනු ලැබූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතින ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 October 2020
ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. 05 October 2020
ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර 101 ට නගී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි. 05 October 2020
යාපනයේ කාන්තාවකටත් කොරෝනා යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. 05 October 2020
හිටපු ජනපතිගෙන් පැය 7ක් සාක්කි ගනී පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන් පිටව ගියේය. 05 October 2020
මොණරාගල කාන්තාවකටත් කොරෝනා දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි 05 October 2020
බ්‍රැන්ඩික්ස් සේවකයින් ඇසුරු කළ අයගේ තොරතුරු ඉල්ලයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍රය කළ අය වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට තම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 05 October 2020
සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට සේවකයන් 2 යි සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභ සාධන අංශයේ නිලධාරින් ආපසු කැඳවීම නිසා එරට සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධන කටයුතු ඇතුළු රැකියා සම්බන්ධ කටයුතු සියල්ල ඇන හිට ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 05 October 2020
යාපනයේත් පවුල් දෙකක අයට පී.සී.ආර් පරීක්ෂණ දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එම ආයතනයේ සේවය කළ යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය. 05 October 2020
කුරුණෑගල රෝහලෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (5) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 05 October 2020
රාජිතගේ නම ඉවත් කරගන්නා ලෙස නීතිඥවරු ඉල්ලති නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ කර තිබෙන පැමිණිල්ලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ නම ඉවත් කරගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (5) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියහ. 05 October 2020
කොරෝනා තොරතුරු වසංකළොත් අත්අඩංගුවට කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. 05 October 2020
දහම් පාසල්වලටත් නිවාඩු සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. 05 October 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන සම්බන්ධතා ගිළිහෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකය වෙනුවෙන් ගෙවිය යුතු දුරකථන ගාස්තු නොගෙවීම නිසා, විසන්ධි කරන ලද ප්‍රධාන දුරකථන අංක සඳහා මේ වනතුරුත් යළි සබඳතා ලබා දී නැත. 05 October 2020
සබරගමුව සරසවියේ සිසුන් 20 ක් පිීසීආර් පරීක්ෂණයට සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය බලධාරීන් අද( 05) තීරණය කර ඇති අතර එතෙක් එම සිසුන් වෙනම රඳවා තිබේ . 05 October 2020
මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කෙරේ මිනුවන්ගොඩ රෝහල කොවිඩ් -19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 05 October 2020
විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇතොත් ඒවා හෙට (06) දහවල් 3.00 පෙර අධිකරණයට ගොනු කරන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යවන බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) මේ බව දැනුම් දුන්නේය. 05 October 2020
කල්පිටියේ පවුලක් ස්වයං-නිරෝධායනයට කෝවිඩ් ආසාදනය වූ ඇගලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ කම්හලේ ම සේවයේ නිරත වූ කල්පිටියේ කාන්තාවකගේ පවුලේ අය ස්වයං නිරෝධායනට ලක් කළ බැව් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ මහතා පවසයි. 05 October 2020
දිවුලපිටිය පාසලේ දරුවන් 1500 ස්වයං නිරෝධායනයට දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ් ආසාදිත 16 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබු දිවුලපිටිය පාසලේ දරුවන් 1500දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 05 October 2020
රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය කල් යයි රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය දින නියමක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසයි. 05 October 2020
ඇඳිරිය ඇති ප්‍රදේශවලට ආහාර යවන්න පියවර කොරෝනා ආසාදිත දිවුලපිටිය කාන්තාව හමුවීමෙන් පසු දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය පැනවීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. 05 October 2020
රෝහල්වලට පැමිණීම සීමා කරන්නැයි කියයි රෝහල්වලට පැමිණීම සීමා කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ජනතාව වෙත දැනුම්දීමක් කර සිටී. 05 October 2020
ඇඟලුම් කම්හලේ තවත් 69 කට කොරෝනා දිවුලපිටියෙන් හමුවු කොරෝනා අසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණවලන් 69 දෙනකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන ඇතැයි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේය. 05 October 2020
මැණික් බුදු පිළිමයක් කෝටි 600 කට විකුණන්න යද්දී අල්ලයි නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික වටිනාකමක් යුත් අඟල් දෙකක පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600 මුදලකට විකිණීම සඳහා සූදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 05 October 2020
ඇඳිරිය කඩකළ 10ක් මිනුවන්ගොඩින් අත්අඩංගුවට මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 October 2020
පාසල් දරුවන් 31 ක් සමග පවුල් වල අයත් නිරෝධායනයට කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව හෙලිවීමෙන් පසු ඇය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායන කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය. 04 October 2020
වේයන්ගොඩටත් පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 04 October 2020
ආණමඩුවේ තරුණයකුට තෙවැනි වරටත් කොරෝනා ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය. 04 October 2020
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂිත රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 05 ) සවස 6.30 ට ජනාධිපති කාර්යාලයයේදී පැවැත්වේ. 04 October 2020
ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය. 04 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026