ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් තවමත් වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 209,000 අධික පිරිසකට මේ වනවිට ජීවිත අහිමි වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වයිරසය පාලනය කිරීමට ප්‍රමුඛත්වය නොදෙන බවත් ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ සිය දේශපාලන වුවමනාවලට පමණක් බවත් ඔවුහු චෝදනා කරති.
ඇමෙරිකාවේ තුළ නව කොරෝනා වයිරසය පාලනය කරගැනීමට නොහැකි වූයේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නිසා යැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මෙම චෝදනා අලුත් වූයේ ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (5) රෝහලෙන් පිටතට පැමිණීමත් සමඟ ය.
ඔහු සිය මෝටර් රථයෙන් රෝහලෙන් පිටතට පැමිණි අතර ඒ අවට රැස්ව සිටි සිය ආධාරකරුවන්ට අත වැනීය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව විරුද්ධවාදීන්ගේ දැඩි විරෝධයට හේතුවිය. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව භයානක දේශපාලන ක්‍රියාවක් යැයි ඔවූහු චෝදනා කළහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී
Bamunuarachchi Wednesday, 07 October 2020 01:17 AM
කොරෝනාව ඔය කාවවත් ගණන්ගන්නේ නැහැ. බලමු ට්‍රම්ප් කොරෝනාව නැති කරයිද කොරෝනාව ට්‍රම්ප් නැති කරයිද කියලා.
BamunuarachchiWednesday, 07 October 2020 01:18 PM
හැබැයි රීගන්ගෙන් පසු ඇමෙරිකාව යුද්ධයක පටලවා නොගත්ත එකම ජනාධිපති. ඒකට ඇමෙරිකන් ජනතාව මෙයාට සැලියුට් කරන්න ඕනේ..
NuwanThursday, 08 October 2020 06:33 AM
ඔබට වැරැදිලා.. කෝවිඩ් 19 කියන වයිරසය ආවේ කොහෙන්ද? ඒක මොකක්ද කියලා ට්‍රම්ප් හරියටම දන්නවා. ඔය මාධ්‍යවලින් පෙන්නන මිනිහා නෙවේ ට්‍රම්ප් කියන්නේ... කපටි, ශූර, බුද්ධිමත්, අති සාර්ථක දක්ෂ ව්‍යාපාරිකයෙක් ඔහු. ඔහුගේ තීරණ වැරදිලා නැහැ. අමතක කරන්න එපා බහුතරය බොහෝවිට වැරදියි කියන කියමන. ඔහු දන්නවා වයිරසයේ හැකියාව සහ එය නිපදවූ හැටි. ඒකයි මුලින්ම මෙය චීන වයිරසය ලෙස නම් කළේ. ළඟදිම බලන්න වෙන දේ..