
(ඉන්දිකා රාමනායක)
දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ් ආසාදිත 16 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබු දිවුලපිටිය පාසලේ දරුවන් 1500දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
මෙම පාසලේ විදුහල්පතිවරයා විසින් එම සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී ඇති බවද බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.
මහජන පරීක්ෂකවරු විශාල පිරිසක් දරුවන්ගේ නිරෝධායන කටයුතුවල යොදවා ඇති බවද උපුල් රෝහණ මහතා පවසයි.
කෝවිඩ් ආසාදිත සිසුවිය ඉගෙනුම ලැබු 11 ශ්‍රේණියේ සියලු දරුවන්, සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් අද (05) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම සියලු කර්තව්‍යන් සදහා දිවුලිපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශ වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 ට ආසන්න පිරිසක් සේවය යොදා ඇති බවද හෙතෙම කියා සිටියේය.
COMMENTS
උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.. තමන් හිසට තම අතමය සෙවනැල්ල..
දරුවන්ගේ විභාග කටමුල... මොනවා කරන්නද? කවුරුත් බලෙන් ඇඟේ දාගන්නේ නැහැනේ. මේ වසංගත ලෙඩ....
මොනවා කරන්නද දරුවනේ..? හැකිතරම් පරිස්සම් වෙලා ඉන්න බලන්න. මේක ඔයාලට විතරක් නොවෙයිනේ, මුලු ලෝකයක් ගිලගත් ප්‍රශ්නයක්..