(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේෂර ගුණතිලක)
නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික වටිනාකමක් යුත් අඟල් දෙකක පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600 මුදලකට විකිණීම සඳහා සූදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මොණරාගල කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරුවන් පැමිණි නවීන පන්නයේ මෝටර් රථයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
ලද තොරතුරක් මත වෙස්වලාගෙන ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු මුදල් ලබා දී බුදු පිළිමය මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හිමිනම අනුරාධපුරය, වහමැල්ගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය සිටින හිමිනමකි. සැකකරුවන් දෙදෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ විජයබා රෙජිමේන්තුවේ සේවය කරන රඹෑව, මහකනදරාව පදිංචි දෙදෙනෙකි. අනෙක් සැකකරු පරිගනක ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඔහු මුරුතලාව, පිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස්බාරයට ගත් බුදු පිළිමය බර ග්‍රෑම් 37 මිලි ග්‍රෑම් 200 වේ.උස සෙන්ටිමීටර් 05 කි.පළල සෙන්ටි මීටර් 2.1.ඝනකම සෙන්ටිමීටර් 1.5 කි.
මෙම බුදු පිළිම වහන්සේ නිල් මැණිකකින් නිර්මාණය කළ නිධානයක තිබූ එකක් බව සැකකරුවන් පවසා ඇත. වටිනාකම නිසි ලෙස තවමත් ගණනයක කළ නොහැකි බව පොලීසිය සඳහන් කරයි.
එම බුදු පිළිමය බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු නිධානයකින් ගත් බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් බුදු පිළිමය ටොයෝටා වර්ගයේ මෝටර් රථය සහ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

( බිමල් ශ්‍යාමන් - ඡායාරූප )

(කේෂර ගුණතිලක -ඡායාරූපය)
COMMENTS
අනිවාර්යයෙන්ම මේ පිළිම වහන්සේ නිධානයකින් ලබාගත් දෙයක් වෙන්න ඇති. අපේ පැරණි මුතුන්මිත්තන් මොන තරම් දහමට ලැදි මිනිසුන් වෙන්නට ඇති ද මෙවැනි මැණික කින් මේ පිළිම වහන්සේ නෙලලා තියාගන්න. ඒකට දැන් මිනිසුන් ඕනම දෙයක් මිල කරන්න තමයි බලන්නේ. එහෙත් බලන්න බලන්න ඕනේ තියෙන බෞද්ධකම.
ඔය ඉන්නේ, අම්මපා මේ අය බෞද්ධයෝද.?
අප සියලුම මාධ්‍යවලින් නැවත නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන් පාඩදයින්ගේ, පල් හොරුන්ගේ, දූෂිත නිලධාරීන්ගේ මෙන් සමාජයට අහිතකර කිසියම් දෙයක් හෝ කළ අයගේ සියලුම තොරතුරු පැහැදිලි ඡායාරූප සහිතව පල කරන ලෙසයි. එය මාධ්‍යය මගින් මහජනතාව වෙනුවෙන් කරන්නාවූ මහඟු සේවයකි. එබැවින් මොවුන්ගේ ඡායරූප සහිත සියලු විස්තර පලකරන මෙන් නැවතත් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.
මෙය කෞතුකාගාරයට බාර දෙනවද?
හා හා මොනවත් කරන්න එපා. ඔය ඉන්නේ උතුම් වූ සඟ පරපුර... හිමිකෙනෙකුයි, රට බේරාගත් රණවිරුවෝ දෙන්නෙකුයි. ඔන්න ඔහේ යන්න අරින්න. උසාවියට ගියත් කොන්ද කඩලා තියෙන නඩු කාරයින් දෙන තීන්දුව ඕකමයි. බුදු පිළිමය කටුගෙයින් තියන්න. හෙට රෑට කන් ගැට්ටෙක්ව හදලා කටුගෙට වහලෙන් බස්සලා බුදු පිළිමය උස්සයි.
බලාගෙන ගියාම, වර්තමානයේ පමණක් නොවෙයි, අතීතයේදී පවා බුද්ධාගමට අරක්ගෙන ඉඳලා තියෙන්නේ බහිරවයින්. සමහරවිට එදත් කෞතුකාගාරයෙන් රාජසිංහ රජතුමාගේ කඩුව හොරකම් කළ වර්ගයේ අමනයින් සිටින්නට ඇති? ඒකනේ බිමේ වලලාවත් ඕවා බේරගන්න බැරි? විකුණන්න ගිය කෙනාව නෙමේ.. මිලදී ගන්න ගිය කෙනාව අල්ලන්නේ නැද්ද? සමහරවිට ඉතින් ඔය පිළිම වහන්සේව නොමිලේම ලබා ගනියි.. ඒ තරම් මුදලකට මිලදී ගන්න ගිය පුද්ගලයාම.. අපි නොදන්නවයි තක්කඩින්ගේ තරම..
බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ.
හොංකොං වල ඕන තරම් ගන්න තියනවා ඔහොම බුදු පිලිම කැම්ති අය කියන්න ඕව මැනික් නෙවෙයි කවාට්ස් කියන පාෂාණය කිලෝ ගානට විකුනන්නේ අනික් ඔය පිලිමයේ ශ්‍රී ලාංකික නිර්මාණ ලක්ෂණ නෑ චීන බුදු පිලිමයක් වගේ.
ඕක ඉතින් නතර වෙන්නේ මහරජාණෝගේ යන්තර මන්තර කුටියෙන්... බොරු නම් බලන්නකෝ..!!!
කෝටි 600ක්? ඔය ගාන හරිද?