
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව හෙලිවීමෙන් පසු
ඇය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායන කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය.
මෙම සිසුවිය දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබීය. ඇය පසුගිය මාසය පුරාම නොකඩවා පාසල් පැමිණ ඇති බවද බව ද විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළේය.
එම සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ද ගුරුවරු පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුනගේ නාමලේඛන විදුහල්පතිවරයාගෙන් ලබා ගැනීමට සවසම කටයුතු කරනු ලැබීය.
කාන්තාවට කොරෝනා ආසාදිත වී ඇත්තේ ඇගලුම් ඇගළුම් ආයතනයේ දී බවට සැකයක් පවතින බව පොලිස් බුද්ධි අංශ සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මහා පරිමානයේ ඇඟලුම් ආයතන වලට විදේශීය ගැනුම් කරුවන් තත්ත්ව පරීක්ෂණ සඳහා නිතර එනවා. ඊට අමතරව ඉහල නිලධාරීන් අලෙවි කටයුතු සඳහා විදේශ ගත වෙනවා. බුද්ධි අංශයේ සැකය ඉතා සාධාරණයි. මේ ආයතනයට ආව ගිය අය ගැන සැලකිලිමත් වන්න. එමෙන්ම විදේශ වලින් ආනයනය කල ද්‍රව්‍ය පිලිබඳ සොයා බලන්න. වරාය වල සහ ගුවන් තොටුපල වල පැටවීමේ සහ බෑමේදී කොරෝන වයිරසය ඇසුරුම් වල ගෑවෙන්න හැකියාව තියෙනවා.
ඇඳිරිනීතිය, හමුදාව යොදවලා කොරෝනා මර්ධනය කරන්න බැහැ. ඒකට හේතුව රෝගලක්ෂණ නොපෙන්වන කොරෝනා වැළඳුන පිරිස් සමාජයේ සිටීම.