කන්දකැටිය අයවැය දෙවැනි වරටත් පරදී ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. 24 November 2025
බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි රඟ මඩලට සමුදෙයි ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභවාප්‍රාප්ත විය.මිය යන විට ඔහු 89 වියේ පසු විය. 24 November 2025
තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට වසර දාහතරකට පෙරදී තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමි මහධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද මරණ දඩුවම නියම කළේය. 24 November 2025
’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’ ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය 24 November 2025
ඉන්දියාවේ මහා අනතුරක් තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) දින පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ. 24 November 2025
’’කැබ් එක’’ එපා යැයි ජගත් විතාන ලියුමක් දෙයි තමාට ලැබීමට නියමිත කැබ් රථය ගෙන්නන්නට එපා යැයි ලිඛිතව දැනුම් දුන් බව කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
හිරණ ගින්නක් පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව හිරණ පොලිසිය පවසයි. ගිනි නිවිමේ රථ මේ වන විට ගින්න නිවීම සඳහා යොදවා තිබේ. 24 November 2025
මත් සැකකරුවෝ 1038 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1038ක් ඊයේ (23) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 24 November 2025
විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15 රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(24) පැවසීය. 24 November 2025
හරිනි-ජුලී චං හමුවක් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලීචං මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය. 24 November 2025
සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 24 November 2025
සෞඛ්‍ය විභාගයක් කල් දමයි ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2023 සීමිත ලිඛිත තරඟ විභාගය කල් දැමූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 24 November 2025
ජනවාරි සිට පාසල් වාහන වලට සී.සී.ටී.වී අනිවාර්යයි ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
හපුතලේ යහලබැද්ද මාර්ගය අවහිර වෙයි හපුතලේ යහලබැද්ද - කොළතැන්න මාර්ගයේ එකොළොස්වන කිලෝමීටර් කණුව අසල මාර්ගයට අද (24) දැවැන්ත ගසක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 24 November 2025
මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 November 2025
ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි. 24 November 2025
බලංගොඩ කස්සප හිමිට නොතීසී ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය 24 November 2025
මඩකළපුවේ පුරාවිදු බිම්වල නාමපුවරු ගැලවීම ගැන විමර්ශනයක් මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 24 November 2025
දොස්තරලා 2842ක් රට හැර ගිහින් පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
මුළු මැතිසබයම තැඹිලි පාට වෙයි ස්ත්‍රී පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තැඹිලි පැහැති ඇඳුමෙන් පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 24 November 2025
වැඩක් නැති බෙහෙත් තිහක් වෙළඳපොලෙන් ඉවතට? කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැති ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් ඒ වගේම මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවලවත් තිබී නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
අගමැතිනි -ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් හමුවක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය. 24 November 2025
ගසක් කඩා වැටී ත්‍රිරෝද රථ රියදුරු මරුට:3ක් රෝහලට රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට විශාල මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසියකියයි. 24 November 2025
ගිනිඅවි-පතුරොම් සමඟ 5ක් අල්ලයි ටි 56 අවියක් සහ හිස් පතුරොම් ගැබ් 2 ක් හා ගුවන් ගමන් බලපත්‍ර 08 ක් සමඟ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 24 November 2025
පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ යම් සංවිධානගත පිරිසක් පුරාවිද්‍යා නාම පුවරු ගලවා දමා රැගෙන යාම සම්බන්ධව පට්ටිපොළ සහ කොක්කඩිචෝලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හින්දුම සුනිල් සෙනව් මහතා සඳහන් කළේය. 24 November 2025
කාලගුණය වැස්ස ගැන දුන් අනාවැකිය දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය හෙට දිනයේ අඩු පීඩන කාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 24 November 2025
මිදිගම සිද්ධියේ තවත් සැකකරුවෙක් මාට්ටු මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරිම සදහා සැලසුම් කරමින් සිටි සිද්ධිය සම්බන්ධ පලාගිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි . 24 November 2025
කඩුගන්නාවේ කොන්ක්‍රිට් සුන්බුන් අතර සිරවී දිවි බේරාගත් නිශාන්ති මම හිර වේලා හිටියේ බිම් දෙකක් අතර මට හුස්ම ගන්න කියන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ එතන පරතරයක් තිබුණා ඒ නිසා පහසු වුනා. මම ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ගිහින් තමයි අත කැපුණේ ඊට අමතරව බොයිලෙරුවේ වතුර හැලිලා කකුල ටිකක් පිච්චුනා යැයි පහළ කඩුගන්නාවේ නාය ගිය කඩයේ සුන්බුන් අතර සිරව සිට දිවි ගලවා ගත් දන්තුරේ චන්ද්‍රිකා නිශාන්ති මහත්මිය පැවැසුවාය. 23 November 2025
ගාලුමුවදොර ඩ්‍රෝන යැවු තරුණයෙක් මාට්ටු ගාලුමුවදොර පිටියේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ තරුණයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. 23 November 2025
මඩකළපුවේ පුරා විද්‍යා බෝඩ් ගලවන් යයි මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක් ගලවා ඉවත් කර ඇතැයි කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි. 23 November 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026