(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැති ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් ඒ වගේම මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවලවත් තිබී නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ වගේම එම ඖෂධ වෛද්‍යවරුන් පාවිච්චි කර නැති බවත් එම බෙහෙත් තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
එම බෙහෙත්වලට විකල්ප තිබෙන බවද ඔහු කීවේය
ලංකාවේ ඖෂධ වර්ග අටසිය හැට තුනක් සහ නොයෙකුත් ශල්‍ය උපකරණ පන්දහස් හයසියයක් භාවිතා කරන බවත් ඖෂධ පනහක පමණ ප්‍රශ්නයක් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
නමුත් එම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ප්‍රාදේශීය රෝහල්වලට මුදල් ලබා දී ඇති බව හෙතෙම සඳහන් කළේය.
ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍ර ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත් ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් විජේමුණි මහතා කීය
එම ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ලංකාවේ එම්ජියෝ ග්‍රෑම් යන්ත්‍ර දාහතරක් ඇති බවත් ඉන් දෙකක් කැඩී ගොස් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය
එකම යන්ත්‍ර අලුතින් පහළොවක් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. එම්.ආර්.අයි යන්ත්‍ර දහතුනක් රටේ පවතින බවත් දෙකක් කැඩී ඇති බවත් හෙතෙම පැවසුවේය
එම යන්ත්‍ර හයක් අලුතින් ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රට පුරාසීටී මැෂින් 46ක් ඇති බවත් තව හතක් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ලෙඩ්ඩු ගණන, ධමනි බ්ලොක් කරගත්තු අයත් එක්ක කීයද?
සෑම බෙහෙතකම ඖෂධ නාමය, වෙලද නාමය සහ ඇනට ඇති තොගපරමානය එවලේම යාවත් කාලීන වෙන දත්ත පද්දතියකට රට පුරා සියලු ඖෂධ හල් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරවිම තුලින් ජනතාවට එම ඖෂධය ඇති කිට්ටුම ඖෂධ හල දැන ගැනීමටත් එකම රසායනිකය සහිත වෙනත් අඩු මිල ඖෂධ මිලදී ගැනීමටත් ජනතාවට අවස්ථාව ලැබෙනවා. මේ මගින් ඖෂධ සමාගම් සමහර දොස්තර වරූන් එක්ව ගෙනියන මාෆියාවත් පාලනය වෙනවා. එම දත්ත පද්දතිය හරහා රටේ ඇති ඖෂධ තොග පිලිබද දත්පත පවා යාවත් කාලීන වෙනවා. මෙම දත්ත පද්දතිය හා සම්බන්ධ නොවන ඖෂධ සාලා වල බලපත් දිගු නොකිරීම තුලින් එය නියාමනය කිරීමත් ඉතා පහසු වෙනවා