කායවර්ධන උපදේශක කුඩු සමග මාට්ටු පල්ලම නගරයෙ පවත්වාගෙන ගිය කායවර්ධන මධස්ථානයක් පවත්වාගෙන ගිය හිමිකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 23 November 2025
වැස්ස නිසා විභාගෙට යන්න බැරි නම් කියන්න තැන් තුනක් අයහපත් කාලගුණ තත්ත්වය නිසා අ.පො.ස උසස් පෙළ විභාග ශාලා කරා සිසුන් ප්‍රවාහනය කිරීමට යොදා ඇති විකල්ප ප්‍රවාහන සේවා වෙත ළඟාවීමට නොහැකි විභාග අයදුම්කරුවන් ළඟම කලාප අධ්‍යාපන කාර්යාලය අමතන්නැයි විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. 23 November 2025
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීමට අද(23) මුල් ගල තැබිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ විය. 23 November 2025
සජිත් එජාප දීගය බාර ගනී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 23 November 2025
හෘද රෝගීන් 9600 සැත්කම්වලට පෝලිමේ කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
හිටපු ජනපති රනිල්ගේ රට සවාරිය ගැන 50කගෙන් ප්‍රකාශ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය. 23 November 2025
වියට්නාම් ගංවතුරින් 90ක් මරුට වියට්නාමයේ දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 90 දක්වා ඉහල ගොස් ඇති බවත් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 November 2025
දොස්තරලා 6000ක් රට යන සූදානමක ඒඑම්සී කළ වෛද්‍යවරුන් හය දාහක් රට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(23) පැවසීය. 23 November 2025
බැංකු නොවන ණය දෙන ආයතන නියාමනයට බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 කට නොවැඩි දඩයකට හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවේ. 23 November 2025
තරුණ සේවා සභාව හරි පාරට වැටිලා ජාතික තරුණ සේවා සභාව නිවැරදි දිශානතියකට ගමන් කරමින් තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. 23 November 2025
159 ෆේල්- අනුර දැනට පාස් 159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 November 2025
මාධ්‍යවේදී ඝාතන ෆයිල් යළි අරිනවා යට ගැසූ ඝාතන මාධ්‍යවේදී ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට ජාතික ජන බලවේගය දුන් පොරොන්දුව අභියෝග මැද ඉටුකරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 23 November 2025
සෞඛ්‍ය මානව සම්පතේ දීමනා අයවැයෙන් කපලා සෞඛ්‍ය මානව සම්පතට තිබූ බොහොමයක් දීමනා මෙවර අයවැයෙන් කප්පාදු කර ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
වෛද්‍ය ඉල්ලීමක් දෙන දවස කියයි වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වන ’’ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’’ ජනවාරි 31 දා වන විට ඇරැඹීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
නුගේගොඩ රැලියට මන්ත්‍රී අජිත්ගෙන් සහතිකයක් නුගේගොඩ රැලිය සාර්ථක එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය. 23 November 2025
76 සාපෙ නම් හොඳම සෞඛ්‍ය සේවයක් හැදුනේ කොහොමද? ලංකාව ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවයක් ඇති රටක් බවට පත් වූයේ ඉකුත් සැප්තැම්බර් මාසයේ අනුර කුමාර ජනාධිපති වූ පසුවදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 23 November 2025
ලංකාවේ තුනෙන් දෙකක් බොරු තොරතුරු වලට රැවටිලා සිංහල මාධ්‍යයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු ලබා ගන්නන්ගෙන් තුනෙන් දෙකක්ම ව්‍යාජ තොරතුරු වලට රැවටී සිටින බවට සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
ව්‍යාජ ලේඛන හදා වාහනයක් විකුණූ අයෙක් අත් අඩංගුවට රුපියල් ලක්ෂ හැටකට අසන්න මුදලකට ව්‍යාජ ලේඛන සකසා, කෑලි අමුණන ලද වාහනයක් විකුණන ලද සැකකරුවෙක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී රත්නපුර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 23 November 2025
මාධ්‍යයට ස්වයං නියාමනයක් ඕනෑ ජනමාධ්‍ය ස්වයං නියාමනයක් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය නැවත වතාවක් කල්පනා කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය. 23 November 2025
අත්‍යවශ්‍ය ඖෂධ තුන්සීයකට වඩා හිඟයි රටේ අත්‍යවශ්‍ය ඖෂධ තුන්සීයකට වඩා හිඟතාවයක් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2025
කොළඹට තට්ටු 16ක හෘද රෝහලක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ තට්ටු 16ක හෘද රෝහලක් ලබන වසරේ පටන් ගන්නා බවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
රෝහල්වල බොහෝ යන්ත්‍ර කල් පැනලා ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍රවල ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත් ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
වැඩි මිලට බෙහෙත් වික්කොත් කියන්න උපරිම සිල්ලර මිලට (MRP) වඩා මිලට ඖෂධ අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 23 November 2025
දැදුරුඔයේ වාන් දොරටු 8ම විවෘත කරයි දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම අද (23) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි. 23 November 2025
දූෂිත නිලධාරීහු 400ක් පොලීසියෙන් දොට්ට දූෂිත නිලධාරීන් හාරසීයක් පමණ පසුගිය කාලයේදී පොලිස් සේවයෙන් ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ වුට්ලර් මහතා පැවසීය. 23 November 2025
භාරත දේශයේදී ගත් ජීවන් තොණ්ඩමාන්ගේ මහා මගුල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් අද (23) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපත්තූර් පරිශ්‍රයේදී දී පැවැත්වෙයි. 23 November 2025
ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 23 November 2025
තබ්බෝවේ වාන් දොරටු 8 ක් විවෘත කරයි මහ වැසිත් සමඟ තබ්බෝව ජලාශයෙ ජල මට්ටම ඉහළ යාමෙන් වාන් දොරටු 8 ක් විවෘත කිරීමට කටයුතු කළ බව පුත්තලම වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අද (23) පැවසිය. 23 November 2025
මත් සැකකරුවෝ 1017 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1017 ක් ඊයේ (22) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 23 November 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026