
(අංජුල මහික වීරරත්න)
සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ප්‍රජාශක්ති වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු පුළුල් ලෙස දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව, සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව, ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳව හඳුන්වා දීම, ඩිජිටල් ආර්ථික වැඩසටහනෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව මෙන්ම, අල්ලස් සහ දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ 'රටම එකට' ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම ආදිය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
මෙහිදී අදහස් දැක් වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය
උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට ජාතික නායකත්වය ලබා දීම ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අරමුණ බවයි. මෙතෙක් හුදෙකලාව එක් අමාත්‍යාංශයක සහ ආයතනයක කාර්යභාරයක්ව තිබු දිළිඳුකම තුරන් කිරීම ප්‍රජාශක්ති යටතේ පුළුල් සාමුහික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, රට මුහුණ දී සිටින දිගුකාලින සමාජ ගැටලුවක් වන බහුමාන දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා නවරජයේ සංවර්ධන ප්‍රවේශයන්හි ප්‍රමුඛස්ථානයක් හිමි වි ඇති බවයි.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට