(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය
ගල් පර්වතය කඩා වැටුණු ස්ථානයේ ඉහළින් ඇති අනෙකුත් ගල් පුපුරවා හැරීමට බලාපොරොත්තු වුවත් වර්ෂා තත්වය හමුවේ එය කිරීමෙන් අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වාදී ඇතැයිද ඔහු කීවේය.
අදාල ස්ථානයේ භූ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
කඩුගන්නාවේ සිද්ධිය ඛේදවාචකයක්. පාර ගිලා බැහැපු තැන් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් අනුව අද හෝ හෙට නුවර පාරේ එක මං තීරුවත් අරින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතන තත්වය සොයන්න භූමිද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා. කඩුගන්නාව තත්වය බරපතල එකක්.සමස්ත වාර්තාව අරගෙන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒක පුපුරුවා හැරලා අයින් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. වහින වෙලාවේ මේක පුපුරවා හැරියොත් හානිය වැඩි වෙන්න පුළුවන් කියල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියලා තියෙනවා. ඒ නිසා පාර බැහැපු තැන දැනට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 200 කට පමණ ඉහතදී ඉදි කරන ලද මෙම මාර්ගයට දැන් පවතින වාහන ධාරිතාව දැරිය නොහැක. එබැවින් යුහුසුළුව කල යුත්තේ මහනුවර දක්වා දිවෙන අධිවේගී මාර්ගය විකල්පයක් ලෙස සදා නිම කිරීමයි.
කවුරු කොහොම කිව්වත් ඔය කන්දේ පායන කාලෙවත් ගල් පිපිරවීම පස්කැපීම නම් ඉතම භයානකයි. එසේ කලොත් මාරගය රැකගන්න බැරිමවේවි...
ජෙප්පෝ කියමු බලන්න, මේකට වග කියන්න ඕනේ 76 වසරක සාපයද ? කපිතාන් ඩෝසන් ඔතැනින් කළුගල විදපු එකද කියලා ! මොවුන්ගේ කයිය, මුහුද මැදින් පාරවල් දාන්න, ඒ වුනාට නායගිය පාරක එක මං තීරුවක් ආපහු හදාගන්න මුන්ට සති ගානක් යනවා ! මුන් හොඳ තඹුත්තේගම තනි සිග්නල් කණුවට හිටවන්නම තමයි !
පචා කොටා ගලගාවට එක්කගෙන ගිහිල්ල කතාවක් කරන්න සලස්වන්න. ගල පැලෙනවා. ආයෙ අමුතුවෙන් කරදර වෙන්න ඕනේ නැහැ.
මේ වගේ විනාශයන් මින් පෙර අහන්න දකින්න ලැබිලා නෑ. මහින්ද හදපු හයිවේ එක තිබුනේ නැත්නම් අද නුවර ගිහින් හමාරයි. බලමු මේ ආණ්ඩුවේ වැඩ කිඩ මේ වැඩෙන්වත්.
කොච පටාව ගෙන්නලා එතැන කතාවක් කරන්න කියන්න. එතකොටම ගාල පැලිලා යයි.