
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය .
ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා බී. වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසීය.
විමර්ශන වලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙස අදාළ බී. වාර්තාවෙන් පොලිසීය ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි වැඩේ...
මෙහෙමයි දැන් රටේ දේවල් සිද්ධ වෙන්නේ. කලින් කලට මෙවැනි දේවල් එනවා.
ගම්මන්පිල, ඔන්න තවත් තුත්තිරි ගහක්. එල්ලුණා නම් හොඳයි නේද?
ඉතාම හොදයි. නිවැරැදිව නීතිය කරන්න. ආන්ඩුකම ව්‍යවස්ථාවේ බුද්ධාගමට දිය යුතු තැන මේවාට අදාලම නැහැ.
බුද්ධ කාලයේ පවා වැරැදි කරලා චීවරයේ පිහිට පැතූ භික්ෂූන්ගේ වෙස් ගත් අය සසුනෙන් පන්නා දැම්මා.
මේ වගේ පොලීසි තමයි රටට ඕනේ...
මේ මජර ආණ්ඩුව හැමදාම අල්ලන්න ඕනෙ අය කොහෙවත් ඉද්දී අල්ලගන්න යන්නේ වෙන කවුරුවත්.... ඊළග පාර 3% බහිනවනේ මේ දුර්දාන්ත පාණ්ඩුව...
මෙයාගේ කියුම් කෙරුම් ගැන අපි කාලයක් තිස්සේ හරි අවදානයෙන් උන්නේ. බොරුව සමාජගත කරමින්, ජනතාවගේ ඔලුවට විෂබීජ දාන එකයි කෙරුවේ. බුද්ධ චීවරයටත් නින්දාවක්...
රටේ යහපත් අනාගතය උදෙසා මෙවැන්නන් ඉවත් කළ යුතුයි.
බුද්ධ ශාසනය විනාශ කරන එකෙක් මූ
බුදුපිළිම අයින් කරනවා, බෞද්ධ පුරාවිද්‍යාභූමි අයින් කරනවා, හාමුදුරුවන්ට ගහනවා, හාමුදුරුවරු උසාවි අරන් යනවා. මේ ලබලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ තවත් අවිචාර සමයක්.