
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"අයවැය කියන්නේ නොම්මර පෙන්වීමේ ඉලක්කයක් නොවේ.ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදුකරන කාර්යයක්.අද දවසේ කතා කරන අමාත්‍යාංශ තුනම තිබෙන්නේ යට්තල පහසුකම් සම්බන්ධයෙනුයි.යටිතල පහසුකම් සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීමට නම් කාර්යක්ෂමතාව,විනය සහ කැපවීම තිබිය යුතුයි.නමුත් 2025 වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් දෙස බලද්දී මේ ඉලක්ක සපුරා ගන්නට බැරි වී තිබෙනවා.ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන් කරන ලද මුදලින් වැඩ කෙරිලා තියෙන්නේ සියයට 43ක් පමණයි.මේ අවුරුද්දේ වත් ඉලක්ක සපුරා ගනු ඇතැයි අප සිතනවා.
භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස තිබෙන රටක්.සමහර මාධ්‍ය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීමට අපත් විරුද්ධයි. නමුත් මේ රටේ හතරවන ආණ්ඩුව හැටියට තියෙන මාධ්‍ය වාරණයට යන්න නම් එපා යැයි අප ඉල්ලා සිටිනවා.මාධ්‍ය වාරණය කරලා කට වහල මේක කරන්නන බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යයට මොනව වුණත් කමක් නෑ අපේ පර්මිට් එක ලැබිලා.
මේවා කරපු, කරනකොට දැක්කේ නෑ වගේ හිටපු මොවුන් දැන් වාරණය එපාලු... අවශ්‍ය විදිහට වාරණය කළ යුතුයි. දේශපාලුවා වගේම මාධ්‍යයත් ජනතාව නොමග යැවීම නැවැත්විය යුතුයි.
මාළිමා ආණ්ඩුව ආවට පස්සේ තමා ඇස් ඇරිලා තියෙන්නේ? හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ කියපු කරපුවා නිසා රට බන්කොලොත් වුණා. ඒකවත් දන්නේ නැති මරික්කාර්?
මාධ්‍ය වාරණ දාපු එවුන් බණ කියවනවා . උඹලා හිටපු ආණ්ඩු මාධ්‍ය වාරණ දාලා මාධ්‍යවේදීන් මරාපු බව අමතක වෙලාද?
අසත්‍ය බොරැ පතුරුවන එක මාද්‍ය නිදහසද