කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35ක් මෙරටට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු එරටින් අද(04) දින උදෑසන පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. 04 December 2023
ත්‍රිවිධ හමුදා කාන්තා නිලයන්ට උසස්ම තැනට යන්න වරම් කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි ආකාරයට යුද්ධ හමුදා කාන්තා බලකා නියෝග යාවත් කාලීන කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2023
සංචාරක නිකේතනයේ නිධන් හෑරූ 9ක් මාට්ටු කල්පිටියේ තේතාවාඩිය ප්‍රධාන පෙලේ සංචාරක නිකේතනයක් තුළ නිධානයක් ගැනීමට යාතිකා කරමින් සිටි නිකේතනයේ හිමිකරු ඇතුලු පුද්ලයින් නව දෙනෙකු අද(4 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 04 December 2023
කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 04 December 2023
ආබාධිත සංචාරකයන් රටට ගෙන්වන්න පාරක් ආබාධිත සංචාරකයන් ලක්ෂ 10ක් වත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2023
ව්‍යවස්ථා සභාවට අභියෝග කිරීමට ජනාධිපතිට බලයක් නෑ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමාන වන විට නමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය. 04 December 2023
ජාජබ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක් ජීවින වියදම අඛණ්ඩව ඉහළ යෑමට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේය. 04 December 2023
අධිවේගයේ යන්නන්ට දැනුම්දීමක් අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල රියදුරන් වාහන අතර මීටර 50 ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ජනතාවට දැනුම් දෙයි. 04 December 2023
නෝටන්බ්‍රිජ්-මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නාය යාමක් නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද (04) දින නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 04 December 2023
ලංකාවේ දේශගුණ විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 04 December 2023
අභයාරාමයේත් විදුලිය කපන්න ගිහින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේත් අනීතිකව විදුලිය කපන්න ඇවිත් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2023
ආබාධිත දරුවෝ 200ක් මැතිසබය බලන්න ඇවිත් විවිධ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා අද (4) පැමිණියහ. 04 December 2023
හරීන් රොෂාන්ට කාලය දෙයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා තමාගේ කාලයෙන් විනාඩි දහයක් ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2023
අකුණෙන් දෙදරු පියා මරුට ගලේවෙල ප්‍රදේශයේ කුඹුරුක වී වපුරමින් සිටී ගොවියෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි 04 December 2023
බලපත් නැති ඖෂධ හලෙන් ලක්ෂ 6ක අක්ෂි ඖෂධ ඖෂධ අලෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රාගම නගරයේ ඖෂධ අලෙවි කළ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අක්ෂි රෝග ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව 04 December 2023
ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි රඟ මඬලට සමුදෙයි ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 04 December 2023
යූටියුබ් නාලිකාව නග්ගන්න දියණියගේ අසැබි ඡායා ගත් පියා බිරිය අතින් මරුට අන්තර් ජාලයට දමා මුදල් සෙවීමේ අරමුණින් 14 හැවිරිදි තම එකම දියණියගේ නිරුවත් ජායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු බිරිඳ විසින් කපා කොටා ඝාතනය කර කරන ලද සිද්ධියක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ. 04 December 2023
සල්ලි හැසිරවීමෙන් ’’ ගොවි ජන’’ කප් ගසයි 2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 December 2023
සැරයන්ට පහරදුන් ජාවාරම්කරු අත්අඩංගුවට ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු ටඅතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන කසිප්පු ජාවාරම් කරුවන්බ ව කියන දෙදෙනකුගෙන්එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 04 December 2023
‘‘මීඡවුම්‘‘ නිසා අදත් වැස්ස නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශපෙැවැති ‘‘මීඡවුම්‘‘ සුළි කුණාටුව ඊයේ 03 රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර 81.6° දේශාංශ ආසන්යෙ යාපනයේ සිට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 December 2023
කැලණි අලුත් පාලම දින කිපයක් වහයි අලුතින් ඉදිකරන ලද නව කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 04 December 2023
චමරි අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව ඇති අතර ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ. 03 December 2023
යතුරුපැදිවලින් ඇවිත් පහරදී මරා දමලා හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු අද(03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන් බරපතල තුවාල ලබා සාලාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 03 December 2023
මිනී මරා රට පනින්න බැරිවේ වත්තල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ 68 හැවිරිදි හෝටල් සේවකයකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෝ තිදෙනෙක් පෙරේදා 2 වත්තල පොලීසිය සහ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 03 December 2023
තැබෑරුම් සිද්ධියක හිමිවරු දෙනමකට ගහලා වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. 03 December 2023
නඩු බඩු ගබඩාවේ ගිනි අවි වික්ක තුනක් මාට්ටු මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන ගොස් ඒ දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ලැදයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබූහ. 03 December 2023
කායවර්ධන විටමින් ගන්න කතක මරා පිනට එකතු කළ මුදල් සොරාගෙන 83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී පිංකමකට එකතු කර තිබූ මුදල් ශක්ති ජනක විටමින් වර්ග මිල දී ගැනීම සඳහා කොල්ලකෑ 18 හැවිරිදි කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 03 December 2023
හැරීට - මේගන්ට එරෙහිව පනතක් සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. 03 December 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් 700 ක් මැරිලා සටන් විරාමය අවසන් වීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව දිගට හරහට යළිත් වරක් ගාසා තීරයට පහර දෙයි. ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 700 කට වැඩි යැයි පැවැසෙයි. 03 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026