සජබෙ දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳින්න හදනවා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වී තිබේ. 10 February 2024
හිමිනම ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු මල්වතු හිරිපිටිය විහාරස්ථානයක දි හිමිනමකට ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් නිල ලාංඡනය සහිත ශරීර සුවතා ඇඳුම් කට්ටලයක් සමග බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. 10 February 2024
අපේ ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට? ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 10 February 2024
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලොකු තෑග්ගක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 10 February 2024
ඉන්දීය සංචාරය නිමවා අනුර දිවයිනට අපි රටකට යාම,රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය . 10 February 2024
හලාවත කොළඹ පාරේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු විසින් හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. 10 February 2024
ඉම්රාන්ට නඩු 12 කින් ඇප දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12 කට අදාළව ඇප නියම වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 10 February 2024
ගසක් කඩාවැටී තුවාල ලැබු පෙර පාසල් තවත් සිසුවෙක් මරුට ගම්පොළ ජාත්‍යාන්තර පාසලක බාලාංශයේ දරුවන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු අද දින මියගිය බව පොලිසිය කියයි. 10 February 2024
ටී 56 උණ්ඩ 25ක් අක්මීමනින් අල්ලයි අක්මිමණ තල්ගස්යාය ප්‍රදේශයේ ඉඩමක තිබි ටි 56 ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි. 10 February 2024
පැතුම් ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී බව ලෝකයටම පෙන්නුවා ශ්‍රී ලංකාවේ ආක්රමණිකශීලි ක්‍රිකට් සන්නාමය පැතුම් නිස්සංක නැවත ලෝකයටම ප්‍රදර්ශනය කළ බවත් එහිදී සිය ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම පිළිබඳව හදවතින්ම සතුටු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සහ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසීය. 10 February 2024
ගිනිකූර අයිෆල් කුළුන රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත. 10 February 2024
යට ඇදුමේ සඟවාගෙන කුඩු ඇදලා කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 February 2024
ජ්‍යෙෂ්ඨ සිසුන් කනිෂ්ඨ සිසුන්ට පහරදීලා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 10 February 2024
ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක් රත්තරන් සමග මාට්ටු රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 10 February 2024
පිළියන්දල ගබඩාවක ගින්නක් පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි 10 February 2024
ගුරුවරුන්ට තෑගි බෝග තහනම් මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. 10 February 2024
අල්ලසට අලුත් අධ්යක්ෂ ජනරාල්වරයෙක් කැඳවයි අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. 10 February 2024
හරිහරන්ගේ ප්‍රසංගයට ටිකට් නැතිව කලබලයක්:පහක් රෝහලට: හයක් පොලිසියට දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයකු වූ හරහරන් ඇතුලු කොලිවුඩු නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය මුට්රවේලී ක්‍රීඩාංගනයේදී ඊයේ (09) රාත්‍රියේ පැවති සංගීත ප්රසංගයේදී ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි. 10 February 2024
චරිතට ලොකු පුටුවක් මහාචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටි. 10 February 2024
යුක්තියට තවත් 663ක් මාට්ටු ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 663 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි 10 February 2024
අපරාධකල්ලි සමාජිකයන් දෙදෙනෙක් මාට්ටු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගල වත්ත චුට්ටේ නමත්තා සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බව කියන හිටපු යුද හමුදා සෙබලුන් දෙදෙනකු ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදි 02ක් සමග ඊයේ (9) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 10 February 2024
ජනපති - ඉන්දීය විදේශ ඇමති හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු විය. 10 February 2024
රජයක් පිහිටුවන්න කාටවත් බෑ පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 10 February 2024
කුලි වාහන මස් කළ දෙදෙනෙක් මාට්ටු කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි. 10 February 2024
මෙහෙයුම අස්සේ සැරයන්ට වෙඩි:සැකකරු පොලිස් අවියත් අරන් පනී මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතර තුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 10 February 2024
අදත් පැහැදිලි අහසක් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2024
පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් වෙට්ටු දමා පැන යයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 09 February 2024
පොහොර සමාගමක අධ්යක්ෂවරු අල්ලන කලින් ඇප ඉල්ලලා පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනයන්හිදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. 09 February 2024
කෑලි අමුණා හැදූ සුපිරිවාහනය සමග අවන්හල් හිමිකරු මාට්ටු කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 09 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026