(තිලකරත්න දිසානායක)
මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතර තුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මල්වතුහිරිපිටිය නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම වාහනයක් පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.
එම ත්‍රිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේදී ඔහු පැන යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය හා පොරබැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ ගිනි අවිය පතු වී ඇතැයි පොලිසිය කියයි. කෙසේ වූවද අදාල සැකකරු පත්තු වූ ගිනි අවියද රැගෙන ත්‍රිරෝද රථයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් තැනින් හිනා!!
හතර බිහිරි කතාවක්...!
ගිනි අවිය පත්තු වුණ ගමන් අනිත් රාළහාමිලා පැනලා දුවන්න ඇති...
පොලිස් කාරයන්ට වෙඩි තියන්න බෑ බන්...
Script එක අවුල් වගේ. තුවක්කුව ඔය අහල පහල පඳුරක් අස්සේ ඇති. අපි නොදන්න සාලාමිලා...