IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට?

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ රත්මලාන ගුවන් තොටුපොළවල පරිපාලනය අදානි සමූහ ව්‍යාපාරය සතු වීමට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුන පාලනය කිරීම සඳහා අදානි සමුහ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට සැලැසුමක් ශ්‍රී ලංකාවට තිබෙන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුම්බායි නගරයේදී 'ද හින්දු' පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.එසේම ඒ සඳහා අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සංචාරකයන් මිලියන 1.48 පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති බවත් මෙරට සංචාරක කාර්මාන්තය හිස ඔසවමින් සිටින මොහොතක ගුවන් තොටුපොළවල පරිපාලනය ක්‍රමවත් කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (1)

අපේ ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට?

Bamunuarachchi Sunday, 11 February 2024 10:24 PM

කොහොමද රනිල් - ඇන්දානි අනුරව අන්දපු හැටි. දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය, උද්ගෝෂණ මුකුත් නැහැ. ජෙප්පන්ගේ අවදානය පැත්තකට යැව්වේ අනුරට ටයි කෝට් අන්දවලා. ජෙප්පෝ ටයි කෝට් ඇන්ද අනුර දිහා බැලුවා මිස අම්බානිලා ඇන්දානිලා සමග මොනාද මේ සාකච්චා කියලා බැලුවේ නැහැ. අපි දැන් වෙනස් වෙලා කියලා ජේවීපී ගැහැණු කෙනෙක් පාර්ලිමේන්තුවේ කියනවා ඇහුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site