(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනපති සමග ගිය දූත පිරිසට ඉෂාක් රහුමාන් මහතා ද අයත් වෙයි.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ සමගි ජන බලවේගයේ නාය යෑම මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.
ජනපතිගේ විදෙස් ගමන් වලට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා සහභාගී වෙමින් සිටින බව කී එජාප මහ ලේකම්වරයා ජනපතිගේ උගන්ඩා සංචාරයට පොළොන්නරුව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාත් ඇමරිකා සංචාරයට වඩිවෙල් සුරේෂ් මහතාත් කියුබා සංචාරයට අජිත් මාන්නප්පෙරුම මහතාත් සහභාගී වී ඇති බව පැවසීය.
සරත් ෆොන්සේකා වැනි සමගි ජන බලවේගයේ ශක්තිමත් අරටු ගැලවී ජනපති වටා එක්රොක් වෙමින් සිටින බව කී එජාප මහ ලේකම්වරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ශක්තිමත් අරටු පැත්තකට දමා නාය යෑම වැලැක්වීම සඳහා දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳිමින් සිටින බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබෙ දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳින්න හදනවා