
(රොමේෂ් මධුෂංඛ)
දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයකු වූ හරහරන් ඇතුලු කොලිවුඩු නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය මුට්‍රවේලී ක්‍රීඩාංගනයේදී ඊයේ (09) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයේදී ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මුට්‍රවේලී ක්‍රීඩාංගනයේ පැවති මෙම සංගීත ප්‍රසංගය වෙුනවෙන් රුපියල් 25,000 දක්වා වූ මිලකටද ටිකට්පත් අලෙවිකරමින් සංවිධානය කර තිබූ අතර සංගීත ප්‍රසංගය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වීම හේතුවෙන් පොලීසියට පිරිස් පාලනය කිරීඹට නොහැකි තත්වයක් පැවැති බව ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් ප්‍රසංගය පැවති වේදිකාව ඉදිරියෙන් යොදවා තිබූ පොලිස් බාධකයන් ඒකවරම ප්‍රේක්ෂකයින් විසින් කඩාගෙන ඇතුලුවීම හේතුවෙන් ඒය පාලනය කිරීමට පොලීසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවූ අතර ඒහිදී තෙරපීමට ලක්වූ බොහෝ පිරිසක් ක්ලාන්ත වූවා සේම තවත් 5 දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණි.
ඒහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු පුද්ගලයන් 6 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සංගීත ප්‍රසංගයද තාවකාලිකව බොහෝ වෙලාවක් නවතා දැමීමට සිදුවිය.
ඉන්දියාවේ ප්‍රසිද්ධ කොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගී වීම හේතුවෙන් යාපනයේ සිනමා ලෝලීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ඇතැම් පිරිස් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නොලැබීම හේතුවෙන් විවිධ වූ අට්ටාලයන් හා ගස් මතටද නැග සංගීත ප්‍රසංගය නැරඹීමට සිදු විය.
කෙසේ වෙතත් සංගීත ප්‍රසංගයේදී ඇති වූ තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ පිරිස් නිශ්චිතවම වාර්ථා වී නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාතේ මිනිස්සු හැසිරෙන්නේ තමිල්නාඩුවේ දෙමළ චිත්‍රපට ජවනිකා රඟ දක්වන ආකාරයට... ඔවුන්ටම ආවේණික වූ විශේෂ කාර්ය, රඟපෑම්... කලහකාරී හැසිරීම නිරීක්ෂණය කළ හැක. එකරටක, එකනීතියක් සහිත බව මේ ජනතාවත් තේරුම්ගත යුතුයි...!
රට මීහරක් කියන්නේ නිකන්ද මෙයාලාට...?
ගතින් ලංකාවේ... සිතින් තමිල්නාඩුවේ...
මේ උමතුව රට හැමතැනම තියෙන දෙයක්... පව් අනේ.. ඒත් කරන්න දෙයක් නෑ..
දකුණේ විතරක් නෙවෙයි, උතුරේත් ඉන්නේ කන්න නැතත් ආතල් එකේ ඉන්නේ.. රටටම කෙළවිලා තියන එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ...