පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපිට විශ්‍රාමික යුද හමුදා ආබාධිත කෝප්රල් වරයෙකු අද( 25) අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. 25 February 2024
දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට අහිමි වන අතර එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ. 25 February 2024
උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මාර්තු 5 වැනිදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 25 February 2024
අපරාධකරුවන් අල්ලන්න තෝම්බුවක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක්( නාම ලේඛනයක්) සකස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 25 February 2024
යුක්තිය තවත් 638 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන පවසයි. 25 February 2024
ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි. 25 February 2024
‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන් නොව තමා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනට ද්‍රෝහි වූ හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාව ලබා නොදෙන බව ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 25 February 2024
ඩිල්ෂාන්ට ඕස්ට්‍රෙිලියාවේ පුරවැසිභාවය ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට, ඕස්ට්‍රෙිලියාවේ රජය පුරවැසිභාවය පිරිනමා තිබේ. 25 February 2024
ඇෆ්ගන් පිතිකරු ගුර්බාෂ්ට මුදලින් සියයට 15 ක දඩයක් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාෂ් විනය විරෝධීව හැරීම හේතුවෙන් දඹුල්ලේදී පසුගියදා පැවැති අවසන් විස්සයි20 තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගෙන තිබේ. 25 February 2024
විනෝද චාරිකාව ඛේදාන්තයක් වෙයි දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්න වෙරළ අයිනේ මුහුදේ නෑම සදහා ගිය සිව්දෙනකුගෙන් දෙදෙනෙකු රළ පහරට ගසාගෙන යාමෙන් පසු එක් අයෙකුගේ සිරුර පමණක් ගොඩගසා ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි . 25 February 2024
ජනපති ඇඳුම මහගෙන ඉන්න කාටවත් වගකීමක් ගන්න බෑ ජනාධිපතිවරණයට අද ඇඳුම් මහගෙන ඉන්න අය එදා පාර්ලිමේන්තුවේ හිටියත් කිසිම කෙනෙක් වගකීම බාරගත්තේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 25 February 2024
වල් ඌරාගේ පහරකෑ තිදෙනෙකු රෝහලේ මීරිගම විජය රජදහන නිවාස සංකීර්ණයට කඩා වැදුණු වල් ඌරෙකු ගේ ප්‍රහාරයෙන් පාරේ ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කළේය. 25 February 2024
වන අලි පහරින් බිරිය මරුට-සැමියා-පුතු අනුනවයෙන් බේරෙයි පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ගම්මානයේ පැල් රැකීමට ගොස් සිටියදී අද(25) වන අලියෙකු පහර දීමෙන් මවක මියගොස් ඇයගේ ස්වාමියා සහ පුතු අනූනවයෙන් දිවි බේරාගෙන ඇති බව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 25 February 2024
කීරි සම්බා හම්බන්තොට පදිංචි වෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස මැටිගත්වල වගා කළ අක්කර 100ක කීරි සම්බා වගාව සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 25 February 2024
වෘත්තිකයන් සියයට 41 ක් රට හැර යනවා මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් රට හැර යන සහ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 41 ක් වෘත්තිකයන් හෝ නිපුනා සහිත පුද්ගලයන් බව විදේශගත වන ශ්‍රී ලාංකියන් පිළිබඳව වාර්තාවකින් හෙළිවී තිබේ. 25 February 2024
උග්‍ර මන්දපෝෂණයෙන් මාස දෙකේ බිලිදා මරුට ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම නිසා උතුරු ගාසා තීරයේ මාස දෙකක් වයසැති පලස්තීන බිළිඳකු මිය ගොස් ඇති බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය. 25 February 2024
රුසියා- යුක්රේන සංචාරකයින්ට රටින් යන්න කීම ගැන ජනාධිපති පරීක්ෂණයක් පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 25 February 2024
උණුසුම තවත් මාසයක් අධික උණුසුම් කාලගුණ තත්ත්වය තව මාසයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උණුසුම් කාලගුණ තත්ත්වය පසුගිය ජනවාරියෙන් ආරම්භ විය. 25 February 2024
වැටලීමට ගිය කොස්තාපල්ගේ යතුරුපැදියට ගිනි තියලා කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝදී මත්පැන් පෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමකට ගොස් තිබූ කතරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ යතුරුපැදියකට කිසියම් පුද්ගලයෙකු ගිණිතබා විනාශ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි. 25 February 2024
දේශබන්දුට තවත් සේවා දිගුවක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. 25 February 2024
මුහුණු පොතේ මිතුරු සාදයේදී නගරසභා සේවකයා හදිසියේ මරුට මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 25 February 2024
ගුවන් යානා තුනක් ප්‍රමාදයකින් ගුවන් තොට උණුසුම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් හදිසි , ක්ෂණික වැඩ වර්ජනයක නිරත වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය . 25 February 2024
බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින් මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . 25 February 2024
ඉරාන හමුදාව පාකිස්තානයේ මෙහෙයුමක පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍රදේශයේදීය 25 February 2024
කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කමිටුවක් නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කළේය. 25 February 2024
නවල්නිගේ දේහය මවට දෙයි සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. 25 February 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි. 25 February 2024
කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ . 25 February 2024
නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාකාරවරයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 February 2024
රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි. 24 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026