
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාකාරවරයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක්, සහ ඔවුන් පැමිණි ඇති බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා වාහන, මෝටර් රථ, වෑන්, ඇතුළු වාහන කීපයක් මෙන්ම පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක්, එළුවකු ද පොලිස් බාරයට ගෙන ඇතත
පොලිසියට ලද තොරතුරක් අනුව, සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල, ගිරිඋල්ල, මාකොළ, මහරගම, සියඹලන්ගමුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු හතළිහත්, හැටත් අතර යන වයසේ පසු වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ, සුඛෝපභෝගී කාර් රථයක්, වෑන් රථයක්, නිදන් හැරීමට යොදාගත් ජේ .සි.බි.යන්ත්‍රයක් එම ජේසිබි යන්ත්‍රය ප්‍රවාහනය කර විශාල ලොරියක්,වතුර මෝටර්, කළුගල් විදින යන්ත්‍රයක්, මුහුදු වැලි, ජපමාල, දෙහි, උදළු, ගිර,පහන්, යකඩ ඉනි, ඇතුළු කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ තොගයක්, තවත් පූජා භාණ්ඩ ඇතුළු බිලි පූජාවට ගෙනා කළු එළුවකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් කීවේය.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු