IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)


ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන් නොව තමා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනට ද්‍රෝහි වූ හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාව ලබා නොදෙන බව ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඇමෙරිකාවට පැමිණීම සඳහා ආගමන ලේඛනවලට අසත්‍ය තොරතුරු ලබා දී ඇතැයි චෝදනා කරමින් හැරී කුමරුට එරෙහිව ගොනු කර ඇති නඩුවට ඔහු මුහුණ දුන් දිනට පසුදින ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළේය.මෙම නඩුව හෙරිටේජ් පදනම මගින් හැරී කුමරුට විරුද්ධව ගොනු කර තිබිණ.

 

හැරී කුමරු මත්ද්‍රව්‍ය වලට පුරුදු වී සිටි බවට තොරතුරු ආගමන ලේඛනයෙන් වසන් කර ඇති බවත් ස්පෙයාර් චරිතාපදානයේදී මත් ද්‍රව්‍යවලට පුරුදු වී සිටි බව හැරී කුමරු පිළිගෙන ඇති බවත් හෙරිටේජ් පදනම ගොනුකර චෝදනාවේ සඳහන් වේ.

පසුගියදා පැවති එම නඩු විභාගයේදී හැරී කුමරු සිය චරිතාපදානය අලෙවි කර ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට අසත්‍ය තොරතුරු එහි සඳහන් කර ඇති බවට නීතිඥවරු තර්ක කළහ.

හැරී කුමරුගේ ආගමන තොරතුරු වසන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හැරී කුමරුට ආරක්ෂාව සපයන බවත් තමන් කෙදිනකවත් එසේ නොකරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.එළිසබෙත් රැජිනට ද්‍රෝහි වීම කෙදිනකවත් සමාව දිය හැකි කරුණක් නොවන බවද ට්‍රම්ප් පැවැසුවේය.හැරී කුමරුගේ ක්‍රියා කලාපය නොසලකා හරිමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හැරී කුමරුට ඕනෑවට වඩා කරුණාවන්ත වී ඇතැයි ට්‍රම්ප් සඳහන් කළේය.



අදහස් (2)

‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’

Asanga Sunday, 25 February 2024 03:01 PM

ඉතින් අපේ රටට ඇති වැඩේ මොකක්ද? කවුරු හරි නෑයෝ ඉන්නවද මෙහෙ?

:       0       0

ravin Sunday, 25 February 2024 03:07 PM

පිස්සන්ගේ ලෝකයේ තවත් කෙනෙක් කතාකරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site