IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කීරි සම්බා හම්බන්තොට පදිංචි වෙයි

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස මැටිගත්වල වගා කළ අක්කර 100ක කීරි සම්බා වගාව සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීරි සම්බා වගා කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද අමාත්‍යාංශය කියයි.

මැටිගත්වල කීරී සම්බා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එහි සංචාරයක නිරත විය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ හම්බන්තොට කීරි සම්බා වගාවෙන් අක්කරයකින් වී බුසල් 110 ඉක්මවු අස්වැන්නක් ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.

කීරි සම්බා වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා දිය හැකි සියලුම සහයෝගය ගොවීන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.

කීරි සම්බා යනු මුළුමනින්ම දේශීය වී වර්ගයකි. BG-360 යනුවෙන් බතල‌ෙගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවන ලද කීරි සම්බා මේ වනවිට අපේ රටේ ජනප්‍රියම සහල් විශේෂය වේ.



අදහස් (3)

කීරි සම්බා හම්බන්තොට පදිංචි වෙයි

Lalla Sunday, 25 February 2024 09:11 PM

රටට නියම දායාදයක් දූන්නු රාජපක්ෂවරයෙක්ගේ අභිජනනයක්. මැදමුලන ඇත්තෙක් නම් නොවෙයි.

:       0       3

Deepani Monday, 26 February 2024 10:09 AM

ගොඩාක්ම හොදයි .

:       0       2

පිටරටවැසියා Monday, 26 February 2024 12:19 PM

අර හිටපු රාජපක්ෂ කථානායකතුමාගේ ගෙදර තිබිච්චි පොහොර දාලාද වගාකළේ...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site