ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන අද (22) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .