
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.
ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර නිකන් විකාර කතා කියවන්න එපා ග්‍රාම නිලධාරියෝ කොහේද දවසට පැය 8 වැඩ කරන්නේ? සුළු වැඩක් කරගන්න ගියත් මේ ගොල්ලන් පස්සේ දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා.. පගාව දෙන්න සිද්ධ වෙනවා. මේ ගොල්ලන් කාර්යාලවල නැහැ. ෆීල්ඩ් එකේ යනවා කියලා පුද්ගලික වැඩවල යෙදිලා ඉන්නවා. රස්තියාදු වෙන ජනතාව ගැන කවුරුත් කතා නැහැ. මෙම නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. පඩි වැඩි කරන්න අවශ්‍ය නැහැ. වැඩ වර්ජන කරන නිලධාරියෝ ඉවත් කරන්න.. ඕනෑ තරම් රජයේ සේවකයෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිකන් ඉන්නවා. කරන්න වැඩක් නැතුව වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ අඩු කරගන්නේ හෝ ප්‍රතිවියුහගත කරගන්නේ නැතිව රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ. එහෙම වාතාවරණයකදී මේ ගොල්ලන්ට වැඩිපුර වැටුප් දීමනා ගෙවන්න... මුදල් ලබාගන්න ජනතාවට බදු පිට බදුගහන එක අනුමත කරන්න බැහැ. දැනටමත් ජනතාව විශාල ප්‍රමාණයක් ලංකාවේ ජීවත්වෙන්න බැරිව පිටරට වලට පවුල් පිටින් ගිහින්, රටේ සුළු පරිමාණ ව්‍යාපාර වලින් 50%ක පමණ වැහිලා...
අනුර රටේ ජීවත්වන ජනතාවට සාපේක්ෂව රජයේ සේවකයින් ප්‍රමාණය ඉතා වැඩිබව සහ කාර්යක්ෂම රජයේ සේවයක් ජනතාවට නොලැබෙන බව කවුරුත් පිළිගත් කාරණයක් එහෙම තත්වයක් තුළදී මොවුන්ට වැටුප් දීමනා වැඩි කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාගන්නේ ජනතාවට ගහන බදු වැඩි කරලද, එහෙම නැතිනම් රජය අලුතෙන් ණය අරගෙනද එහෙමත් නැතිනම් රජයේ දේපල විකුණලාද යන්න ගැන ඔබ රටට හෙළි කළ යුතුයි..
මෙම ප්‍රකාශය අනුව වෙන්න ජනාධිපති කයියනායක මේ වර්ජනය මෙහෙයවනවා කියලා පේනවා නේද? රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක් හැටියට අපිට දකින්නට ලැබුණා සෑම මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩිකිරීමට කටයුතු කළා... මේ වනවිට ජනාධිපති කියලා තියෙනවා ජනවාරියේ සිට වැටුප් වැඩිකිරීම කරනවා කියලා... එතුමා කියන දේ කරපු කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ 2015 ආණ්ඩුව ගනිද්දී 10000/= දෙනවා කිව්වා.. ඒක පහළම සේවකයාට ලැබෙද්දී ඉහළම නිලධාරි 25000/= ඉක්මවා වැටුප් ගත්තා. එහෙම වුණා කියලා රජයේ නිලධාරින් කිසිවෙක් 2019 රනිල්ට ඡන්දය දුන්නේ නැහැ.. (උදාහරණයක් හැටියට අසරණව සිටින රෝගීන් පීඩාවට පත්කිරීම) වර්ජන හරහා කරන්නේ මාලිමා නායකයෝ කියලා ඡන්ද දායකයින් තේරුම් අරගෙන ඡන්දය පාවිච්චි කරනවා නම් රටට සෙතක් වේවි...!
රට දියුණු කිරීම ගැන තියෙන අන්තිම බලාපොරොත්තුවත් වතුරේ...! මේ රටේ විනාශයට හේතුවන සේවයේ ඔරොත්තු නොදෙන බර තවත් වැඩි කරලා තුට්ටු දෙකේ ඡන්ද මංකොල්ල කෑමේ උපාය වහාම නවත්වපල්ලා! ග්‍රාම නිලධාරීන් ගැන කතාකරලා වැඩක් නෑ...! ඔවුන් ඉන්නේ ඇමරිකන්ස්ලා වගේ...!
අනුර ජනතා බදු සල්ලිවලින් විශාල රජයේ සේවකයින් ප්‍රමාණයක් නඩත්තු කළත්, රජයේ ආයතන වලින් වැඩක් කරගන්න ගියාම රජයේ සේවකයින්ගේ නොසැලකිල්ල සහ අල්ලස් ගැනීම සඳහා සිතාමතාම කරන දේවල් නිසා ජනතාවට විශාල දුක් ගැහැටක් විඳින්න සිදුවෙනවා. එම ආයතන වල වෘත්තීය සමිතිවල උද්ගෝෂණ වැනි දේවල් වලට බොහෝවිට ඔබලාගේ අනුග්‍රහය සහ ආශීර්වාදය ලබනවා... ඒවා ජනතාව දන්නවා.. පසුගිය ඡන්ද වල JVP එක 3%-5% අතරේ සිටින්නට, මේකත් එක හේතුවක්, ඡන්ද අවශ්‍ය නම් ඔබලාට ජනතා කැමැත්ත අවශ්‍ය වෙනවා... කරුණාකර ජනතාවට කාර්යක්ෂම රජයේ සේවයක් දෙන සැලැස්මක් ඉදිරිපත් කරන්න..
අනුර කෙටියෙන් කියනවා නම් රජයේ සේවකයින් සුළුතරයකගේ ඡන්ද බලාගෙන ඔබල කටයුතු කළොත්, රජයේ සේවකයින්ගේ අකටයුතුකම් නිසා අසතුටින් සිටින රටේ බහුතරයකගේ ඡන්ද ඔබලාට ලැබෙන්නේ නැහැ..., කරුණාකර වහාම රාජ්‍ය සේවයේ සිදුවන අල්ලස්, දූෂණ, කොමිස් ගැසීම් වලකන කාර්යක්ෂම රජයේ සේවයක් ජනතාවට දෙන සැලැස්මක් වහාම ඉදිරිපත් කරන ලෙස ඔබට අභියෝග කරනවා. ඔබට පුළුවන් රේගු, ආදායම්බදු, සුරාබදු, හැඳුනුම්පත්, පාස්පෝර්ට්, රථවාහන යන දෙපාර්තමේන්තු වලින් පටන්ගන්න (සැලැස්මක් පමණි)...
මෙයා එල්ලෙන්න වැල් හොයනවා වගෙයි.
මෙයාගේ කතාව හරියට ග්‍රාම නිලධාරි සංගමයේ සභාපතිගේ කතාවක් වගේමයි...