
(ෂේන් සෙනෙවිරත්න)
පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි .
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට සමගාමීව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වර්ජනයට එක්ව සිටින වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් කඩවී ඇති බවද ඒ මහතා පවසයි .
ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කොට ඇති අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ව්‍යාපෘති තුනක් මැයි මස 31 සහ ජුනි මස 04 දිනවල පැවැත්වීමට සූදානම් කොට ඇති බව පැවසූ පීඨාධිපතිවරයා එහි සම්මන්ත්‍රණ හා ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙම වැඩ වර්ජනය සහභාගි වී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධිකාරිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් වළක්වා ඇති බවද පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වර්ජකයින්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා අන්තර්ජාතික සම්මන්ත්‍රණ වලට වන අලාභය වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගෙන් අය කරගත යුතුව ඇත.
පේරාදෙනියෙ ශාස්ත්‍ර පීටයෙම හිටිය මූල්‍ය අධිකාරි ගෑනුන්ටම වියදං කරලා, පීඨය බංකොලොත් කරලා මිලියන ගණන් වංචා කරලා මගඩි කරපු නිසා වෙනත් පීඨයකට මාරු කරලා යැව්වා. දැන් ඔය වර්ජකයන්ගෙ පේරාදෙණි ශාථාවේ සභාපති ද කොහෙද? කැම්පස් එකේම තවත් මූල්‍ය අධිකාරි කෙනෙක් මියගිය මහාචාර්ය නෝනගේ අර්ථසාධකේ හොරෙන් අරන් වැඩ තහනම් වුණා කෝප් එකෙන් කේස් එක ඇද්දට පස්සෙ. පේරාදෙනියේ හිටපු ලේකකාධිකාරීත් වැඩ තහනම් වෙලා තාමත් ගෙදර මිනිහාගේ හදන වැඩවලට විශ්වවිද්‍යාලෙ සේවකයො රාජකාරි වෙලාවෙ නොමිලේ අරං ගිහින්. තව ඔය වගේ අංකූරො ලොකුම පුටුවල තාමත් යහතින් ඉන්නවා. එහෙව් උන් තවත් ස්ට්‍රයික් කරන්නත් එනවා.
ආණ්ඩුවට කොන්ද පණ තියෙන බව පෙන්වීමට හොඳම අවස්ථාව.. නීති විරෝධීව හැසිරෙන කෙරුමන්ව කූඩුවට දාන්න..නීතිය අතට ගෙන වර්ජනය ක්‍රියාත්මක කලා සිපෙට්කෝ. ඒ අයට නම් හොඳම පාඩමක් ලැබුණ මතකයි.....
ඇයි මේ මෝඩයන් අත්අඩංගුවට නොගන්නේ? උන් ජේවිපි එකේ රූකඩ.
ඕවා විතරක් නෙවෙයි, සමහර දේශකවරු මාසෙට දවස් කීයක් කැම්පස් එකට එනවද? එයාලගේ ටයිම් ටේබල් වල ලෙක්චර් කරන්නේ එයාමද නැත්නම් වෙන අලුත ආපු ලෙක්චර්ලාද? තමන්ගේ රිසර්ච් එකට කරුණු හොයාගන්න ළමයින්ට පැවැරුම් දීලා ඒවා ගෙඩි පිටින් අරගෙන පේපර් දාන ඒවා, ශිෂ්‍යත්ව අරන් රට ගිහිල්ලා ආපහු එන්නේ නැති ඒවා, සතියට පැය කීයක් ඇත්තටම ළමයින්ට උගන්වනවාද? ළමයින්ට උගන්වනවා කියලා පන්තියේදී තමන්ගේ වෙන වෙන මතවාද ඔළුවට දාන ඒවා, කොහොමද සමහරුන්ට ක්ලාස් දෙන්නේ, ඒවත් හොයා බලන්න.