
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහක වීරරත්න)
සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.
ජල විදුලි නිෂ්පාදනය 20 වැනිදා වනවිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලාගාරවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. විදුලිය නිෂ්පාදනය වැඩිවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
විදුලි ඒකකයක මිල පහළ දැමීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා.තවම ඒ යෝජනා ලැබිලා නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පිරිච්ච ජලාශ ඉක්මණින්ම හිස්කරලා දායි කට්ටිය. ඒක දැන් පුරුද්දට ගිහින්නේ... නීතියක් නැති රටක ඕනෑ කෙනෙකුට නටන්න පුළුවන්...!
වැස්ස වැඩිවෙන විට විදුලිබිල අඩු කරන්නයි, වැස්ස අඩුවෙන විට විදුලි බිල වැඩි කරන්නයි අණ්ඩුවකුත්, එහෙම ඉල්ලීම් කරන්න විපක්ෂ නායකයෙකුත් රටට අවශ්‍ය නැහැ. රටට අවශ්‍ය අඩුම තරමේ වසර දෙක තුනක්වත් සාධාරණ මිලකට ස්ථාවර විදුලි ගාස්තු ක්‍රමයක් ඇති වැඩපිළිවෙළ, එහෙම එකක් ආණ්ඩුව කරන්න අපොහොසත් නම් විපක්ෂ නායකවරයාගේ වගකීම විය යුත්තේ ආණ්ඩුව එය පෙන්වා දීමයි.
දන්නේ නැතිද..? ඕක අයිති කළුකඩ මුදලාලි කෙනෙකුට... තව බිලියන 10 විතර ශුද්ධ ලාභයක් ගත්තාට පස්සේ රුපියල් 100 කින් අඩු කරාවි...