
සුජිත් හේවාජුලිගේ
වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
නිලධාරීන් 35 දෙනෙකු 2016 වර්ෂයේ දී ද නිලධාරීන් තිස් දෙනකු 2017 වර්ෂයේදීද නිලධාරීන් විසිඑක් දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තුන් දෙනෙකු 2020 වර්ෂයේ දීද දාහත් දෙනෙකු 2021 වර්ෂයේදීද නිලධාරීන් තිස් දෙදෙනෙකු 2022 වර්ෂයේදීද නිලධාරින් 20 දෙනකු 2023 වර්ෂයේදීද
රුපියල් කෝටියකට වැඩි මුදලින් මෙසේ ත්‍යාග ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල්
ලබාගෙන ඇති නිලධාරීන් 100දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා ලබා ගත් ත්‍යාග මුදල් වටිනාකම ( 2017, 2021 සහ 2022) පිළිවෙලින් කෝටි 9ක් කෝටි 12 ක් සහ කෝටි 11 ක් වෙයි.
මේ අනුව 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරියකුද වසර හයක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් සිවු දෙනෙකුද වසර පහක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් නව දෙනෙකුද වසර හතරක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් විසිහතර දෙනකුද වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
වසර හතක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් එක් අයකුද වූ අතර ඔහු ලැබූ ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් කෝටි 38 ඉක්මවන බව වාර්තාව සඳහන් කළේය
රුපියල් කෝටියට වඩා ත්‍යාග ලැබූ නිලධාරීන්ගෙන් එම ත්‍යාග සහ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 20කට වඩා ප්‍රතිලාභ ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව හතක් බව විගණන වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ කළමනාකරණය සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පස්සෙන් ගාටන එක අහන්න දෙයක්ද!
පාර්ලිමේන්තුවට පස්සේ ලංකාවේ ඉන්න ලොකුම හොරු රැළ ඉන්නේ එතැන
පඩිය අඩු වුණාට රේගුවට යන්න දඟලන්න හේතුව එයයි . මේකට දොස් කියල බැහැ . ඒක එතන ක්‍රියාත්මක නීත්‍යනුකූල ක්‍රමයක් . හැබැයි එතන ජ්‍යෙෂ්ඨ අය වෙනත් අය අල්ලපු ඒවට නම දාගන්නවා කියලත් කතාවක් තියෙනවා . තෑගි ගන්න .
රට මේ විදිහට හරි ඉතුරුවෙලා තියන එක පුදුමයි...
රේගුව කියන්නෙත් ශ්‍රී ලංකා රජයේ ආයතනයක් . මිනින්දෝරු දෙපාර්තමේන්තුව. කම්කරු දෙපාර්තමේන්තුව යනාදියත් රජයේ ආයතන . මේ ආයතන සියල්ලම රටේ උන්නතියට දායක වෙනවා . නමුත් රේගුවේ පියන් කෙනෙකුගේ වැටුප අනෙකුත් දෙපාර්තමේන්තුවල විධායක නිලධාරියෙකුගේ වැටුප වගේ කිහිප ගුණයක් වෙනවා . ඉතින් කොහොමද තෘප්තිමත් රාජ්‍ය සේවයක් හදන්නේ? රේගුවේ උන් හැම මගුලකටම ප්‍රසාද දීමන ලබගන්නවා . මේ කියන වංචා කල අයට කෝ දඬුවම්?
මේවට අඩු වශයෙන් බදු වත් ගෙවල තියෙනවද? වැටලීම් වලින් රජයට කීයක් ලැබුනද?
නිකන්ද කියන්නේ දියවන්නාවේ ඉන්න තක්කඩි රොත්තයි, රාජ්‍ය නිලධාරීන් බහුතරයයි එකතුවෙලා මුළු ලංකාවම කෑවා කියල !!!
අපි පිටරට ඉන්න නිසා දන්නවා මොවුන් මිනිස්සුන්ගෙන් ගරාගෙන කන හැටි...!
නැතිවෙන්න ගිය ආදායමක් හොයලා දුන්නම ඒකටත් විගණනේ කරන ආතල් රටක් මේක. හරියට හොරකං කළ සල්ලි අල්ලලා දුන්නම මෙච්චරද තිබ්බෙ කියලා අල්ලලා දීපු මිනිහගෙං අහනවා වගේ
වංචාවක් හඳුනාගෙන රටට අහිමි වන බදු මුදල් උපයා ගැනීමට තරම් නිලධාරියෙකු උනන්දුව සහ සුපරීක්ෂාකාරී නම් ඔහුට ත්‍යාග පිරිනැමිය යුතුය. මෙය අමුතු නොවේ. බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දිරිමත් කිරීම සඳහා එකම ආකාරයේ ත්‍යාග පද්ධති අනුගමනය කරයි
විගණන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය, නිවැරැදි භාවය හොයන්න තවත් ආයතනයක් තියෙනවාද? විගණන වාර්තා සකස් කරන්න තොරතුරු ලබාගත්තු ආකාරය ගැන තියෙන විශ්වාසනීයත්වය මොකද්ද?
ඔය හම්බෙන තෑග්ගෙන් ආයේ බර ගානක් ටැක්ස් විදියට කැපෙනවානේ. ඒකත් බලන්ඩ ඕනෑනේ ඉන්කම් ටැක්ස් එකේ වාර්තාවේ. සරල ගණිතය ඉතින්...!
ජනමහයා රේගුවේ තෑග්ගෙ එල්ලිලා ඉන්න අස්සේ වෙන මොකක් හරි අලි තෑග්ගක් පිට පාරෙන්ම කාගේ කාගේ හරි ස්විස් එකවුන්ට් වලට යනවාද දන්නේත් නෑ...
එක්කෝ කවුරු හරි ලොකුම හොරෙකුට රිදෙන්න දඩයක් ගහලා! එක්කෝ ඡන්දයක් ළඟයි
එක්කෝ කවුරු හරි ලොකුම හොරෙකුට රිදෙන්න දඩයක් ගහලා! එක්කෝ ඡන්දයක් ළඟයි..
මෙම ලිපියෙන් පැන නගින බරපතල ගැටළු තිබේ. මෙම සියලු තොරතුරු සහ ප්‍රතිශත සඳහා පදනම කුමක්ද සහ තොරතුරු ලබාගෙන ඇත්තේ කෙසේද? වසර ගණනාවක් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව කිසිදු බලධාරියෙකු, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය පියවර නොගත්තේ ඇයි? 1998 සිට මේ ඊනියා අක්‍රමිකතාවක් තිබුණා නම් විගණන වාර්තා ප්‍රකාශයට පත්කිරීමේ වාර ගණන කොපමණද? විශේෂයෙන්ම රේගුව ආදායම් එකතු කිරීමේදී ලබා දී ඇති ඉලක්ක ඉක්මවා ගොස් ඇති අවස්ථාවක හදිසියේම මේ අවුල් වියවුල් ඇති වන්නේ ඇයි? මෙතන මොකක් හරි දෙයක් වෙනවා.
මම නම් කියන්නේ වැඩ කරන විදිහට තමයි ගෙවන්න ඕන කියලා. නිකං පුටු රත් කර කර ඉන්න උන්ට පිං පඩි දෙනවට වඩා වැ ඩක් කරන එකා ට තෑ ග්ගක් දෙන එක නම් වරදක් නෑ.. මේ වගේ හැ ම රා ජ්‍ය ආයතනයටම නීතියක් දා න්න ඕන වැ ඩ කරන විදිහට තමයි ගෙවන්නෙ කියලා.
ජාවාරම් කාරයොන්ට ඕනවිදිහට මුදල් අමාත්‍යාංශයෙන් රේගු පනත සංශෝධනය කරන්න යනවලු. මේ ඔක්කොම ඒකට අදාල campaign කියලයි ආරංචිය.
රට මේ යන විදිහට ඉතුරු වෙයිද ?
රට මේ යන විදිහට ඉතුරු වෙයිද
නැතිවූ බල්ලෙකු සොයා ගැනීමට පවා සාමාන්‍යයෙන් ත්‍යාගයක් දෙනු ලැබේ. නැතිවූ ආදායම නැවත ලබාගන්න එම නිලධාරීන්ට ත්‍යාග දීමේ ගැටලුව කුමක්ද?
හැම තැනම වංචාව...මේ රට ඇති මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක.
මම නම් කියන්නේ වැඩ කරන විදිහට තමයි ගෙවන්න ඕන කියලා. නිකං පුටු රත් කර කර ඉන්න උන්ට පිං පඩි දෙනවට වඩා වැ ඩක් කරන එකා ට තෑ ග්ගක් දෙන එක නම් වරදක් නෑ.. මේ වගේ හැ ම රා ජ්‍ය ආයතනයටම නීතියක් දා න්න ඕන වැ ඩ කරන විදිහට තමයි ගෙවන්නෙ කියලා.
රට මේ විදිහට හරි ඉතුරුවෙලා තියන එක පුදුමයි...