
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් විසි පහක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතලිස් හයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන දැනට අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයකු වන එස්.එෆ් ජගත් නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
එස්.එෆ්. ජගත් නමැත්තාගේ උපදෙස් මත සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව හොරණ පාරේ පිහිටි පෞද්ගලික රසායනාගාරයට 2023.06.21 දින යතුරු පැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සහ 3.8 වර්ගයේ ගිනි අවියකින් එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කොට පලා ගොස් තිබුණි.
පසුව මේ සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය විමර්ශන සිදුකරමින් සිටියදී මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව බංගලාවත්ත ප්‍රදේශයට පැමිණෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් රැකවලා සිටියදී ඒ අසලින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු නවතා පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයකු සන්තකයේ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 600 ද අනිත් පුද්ගලයා සන්තකයේ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300 , ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ 46 තිබී භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd