
(රංජන් කස්තුරි)
අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන ඇතැම් පිරිස්වලට එම සහනාධාරය 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වා ලබා දෙන බව සඳහන් කර තිබේ.
මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ පරිදි අස්වැසුම ප්‍රතිලාභ හිමි පිරිසකට එම ප්‍රතිලාභය ලබාදෙන කාලය ජුනි 30 වැනිදායින් අවසන් කර තිබිණ.
තවත් පිරිසකට අස්වැසුම ප්‍රතිලාභය ලබා ලබාදෙන කාලය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් කිරීමට නියමිතව තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා අලුතින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ හිමි ඇතැම් පිරිසකට 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වාත් තවත් පිරිසකට 2025 වසරේ ජූනි 30 වැනිදා දක්වාත් එම ප්‍රතිලාභය ගෙවීමට නියමිතය.
අවදානමට ලක්වූ පවුලකට මසකට රුපියල් 5000 ක් දුප්පත් පවුලකට රුපියල් 8500 ක් අන්ත දිලිදු පවුලකට රැපියල් 15000 ක් ආදී වශයෙන් අස්වැසුම ප්‍රතිලාභ හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම ඔක්කොටෝම 5000 ගානේ දුන්නානම් හොඳයි... ආයෙ ගන්නවා... නැති අය මොනවත් නෑ.
අස්වැසුම/ සමෘද්ධිය දෙකම නැතිකළ යුතුයි.. මොකද ඇති අය තමයි ඔය දෙකම ගන්නේ. සමෘද්ධිය අවුරුදු ගණන් අරගත්තු අය කවදාවත් දියුණු වෙන්න බලන්නේ නෑ. ගෙවල් හදන්නේ නෑ... ගේ ටයිල් කරන්නේ නෑ සමෘද්ධිය කැපෙයි කියලා. සමෘද්ධිය හෝ අස්වැසුම ලබන්නේ සුදුසු අය නොවෙයි. වාහන තියෙන නිලතල දරන, ගෙවල් හදලා හොඳට හම්බ කරන අය ගොඩදෙනෙක් අපේ වසමේත් ඉන්නවා...
අපිට දුන්නෙත් 2500... දැන් ඒකත් නෑ කපලා.
දුප්පතාට ඇත්තටම හොදයි අස්වැසුම. හෝ සමෘද්ධි දීමනාව අපි සතුටුයි... නමුත් අපේ ගෙවල්වල ඉන්නවා තවමත් දෙන්න සුදුසු ප්‍රතිලාභ නොලැබෙන කොටසක්.. තව දෙයක් නිකන්ම සහනාධාර දෙන්න එපා.. ඒ මිනිස්සු දාලා පොදු මාවත් සුද්ද කරන්න ඇල මාර්ග සුද්ද කරවන්න... සතියට දවසක් හෝ වැඩක් කරගන්න
ගොඩක් වටිනවා ඔබ සැමට, ගොඩක් පින්. අමාරුවෙන් ජිවත් වන ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරට. ජනාධිපති පතිතුමාට ගොඩක් පින්. හැමදේම සාදාරණයි.. අසාදාරණ වෙච්ච් අයට උපකාර කල එකම ජනාධිපති ඔබ ❤️