
(ගයාන් සූරියආරච්චි )
බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙකි.
බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාවක් පවත්වාගෙන යනු ලබන පනස් හැවිරිදි කාන්තාවකට ආපනශාලාව තුළදී ලිංගික අතවර කළ බවට පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.
ඒ අනුව බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අයට පොලිසියෙ අය අත් අඩංගුවට ගැනීම හැර වෙන වැඩක් කරන්න කාලයක් නැතුව ඇති නේද