ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ප්‍රජාවට ඇරැයුම් කළේය. 06 May 2025
තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. 06 May 2025
ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 06 May 2025
රනිල් යළි ඉන්දියාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි. 06 May 2025
අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා අතර හමුවක් අද (6) පැවැත්විණි. 06 May 2025
ගාල්ලේ සියයට 63යි ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය. 06 May 2025
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති 2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 06 May 2025
අග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්‍රකාශ කළාය. 06 May 2025
රනිල් ඡන්දය ප්‍රකාශ කරයි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය. 06 May 2025
විපක්ෂ නායක ඡන්දය ප්‍රකාශ කරයි පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (06) සිදු කරන ලදී. 06 May 2025
ඡන්ද විමසීම අවසන් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය. 06 May 2025
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය . 06 May 2025
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 06 May 2025
සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා? සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 06 May 2025
බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ. 06 May 2025
දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 May 2025
අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (06) නියෝග කළේය. 06 May 2025
ආදිවාසීන්ට පොරව ගේන්න අවසර ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත. 06 May 2025
හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍යස්ථානය අසලදී අත් අඩංගුවට ගෙන තිබේ. 06 May 2025
කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. 06 May 2025
ජනපති දිවයිනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 06 May 2025
වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 May 2025
පුතාගේ ආයුධ පහරින් පියා මරුට ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි. 06 May 2025
ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 06 May 2025
සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි. 06 May 2025
කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . 06 May 2025
පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. 06 May 2025
බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක් බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය හොංකොංහි සදබි වෙන්දෙසි සමාගම් කාර්යාලය වෙත නීතිමය ලිපියක් ඊයේ(05) යවා ඇත. 06 May 2025
කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 06 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026